
(ටී.කේ.ජී.කපිල )
පෝලන්තයට යාමට අවශ්‍ය වීසා ලබා ගැනීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර සමඟ කටුනායක ගුවන් තොටුපොලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අද(06) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් දෙදෙනෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළකි . අනෙක් දෙදෙනා අතරින් එක් අයෙකු 28 හැවිරිදි කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙකා 45 හැවිරිදි යාපනය , කරෙව්ති හි පදිංචිකරුවෙකි .
මොවුන් සිව් දෙනා පෝලන්තය වෙත නීත්‍යානූකූල ලෙස පිටත්ව යාම සදහා අවශ්‍ය වීසා ලබා ගැනීම සදහා තැරැව්කරුවන් වෙත රුපියල් ලක්ෂ හැට හතරක මුදලක් ලබා දී ,ඉන් අනතුරුව වීසා බලපත්‍ර ලබා ගැනීම සදහා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් තිබේ .
එහිදී ඔවුන්ගේ ඇගිලි සළකුණු ලබා දී , වීසා බලපත්‍ර ලබා ගෙන අද උදෑසන 06.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව සිය නිශ්කාශන කටයුතු සදහා ගුවන් තොටුපොළ ආගමන කවුළුව වෙත මෙම වීසා බලපත්‍ර ඉදිරිපත් කර තිබූ අතර , එහිදී ඇතිවූ සැකය මත මොවුන් සමග ඔවුන් ඉදිරිපත් කළ ලියකියවිලි ද ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට යොමු කර තිබේ.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී ඇති අතර , ඒ වනතෙක් මෙම ගුවන් මගීන් ඒ පිළිබද කිසිවක් නොදැන සිටි අතර , ඔවුන් මෙරටට පැමිණි පසු මේ වීසා බලපත්‍ර සදහා තවත් විශාල මුදලක් ගෙවීමට ද සූදානමකින් පැමිණ තිබේ .
COMMENTS
කරුණාකරලා මේ රටින් යන කෙනෙකුට යන තැනකට යන්ට දෙන්ට. මේ රටේ ඉඳලා හිඟා කන්ටද?
ලංකාවේ පෝලන්ත තානාපති කාර්යාලයක් නැති නිසා, ඇගිලි සලකුණු ලබාගෙන නවදිල්ලි නුවර පෝලන්ත තානාපති කාර්යාලයෙන් දුන්න වීසා එක හොර වීසා එක්ක කියලා මේ ගොල්ලන් කියන්නේ කොහොමද? යන එකෙකුට යන රටකට යන්න දෙන්න. මේ ගොල්ලන් මොකක්ද මේ නටන නාඩගම...?