IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොර වෛද්‍යවරයකු ලෙසින් රන් බඩු කොල්ල කෑ සාත්තු සේවකයා අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි)

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු  අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සාත්තු සේවයේ නියුතු 42 හැවිරිදි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

රන්බඩු සොරාගත් කාන්තාවගේ මව   දැනට මාසයක පමණ කාලයක සිට සිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර  රෝගියා බැලීම සඳහා සිද්ධියට මුහුණ දුන් කාන්තාව සහ  ඇගේ නැගණිය පැමිණ සිට ඇත.

එම අවස්ථාවේදී රෝගීන් බැලීම සඳහා පැමිණෙන වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි සැකකරු පැමිණිලිකාර කාන්තාවගේ මවගේ  වාර්තා පරීක්ෂා කර  මවගේ රෝගී තත්ත්වයට අනුව ඇයට රුධිරය ලබාදීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි.

පසුව සැකකරු විසින් මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් රුධිරය ලබා ගැනීමට අවශ්‍ය බව පවසා වාට්ටුවකට රැගෙන ගොස්  ස්කෑන් පරීක්ෂණයක් කිරීම සඳහා රත්තරන් බඩු  සියල්ලම ගලවා තබන ලෙස සැකකරු දැන්වූ බව පොලිසියය පවසයි.

පසුව එම කාන්තාව තම රත්තරන් බඩු තම නැගණියට ලබාදීමට අවශ්‍ය බව පැවසූ අවස්ථාවේදී  සැකකරු   විසින් ව්‍යාජ ලෙස හඬ පටයක් ඉදිරිපත් කරමින් නැගෙණිය වාට්ටුවෙන් පිට සිටින බව හඟවා ඇති බව පොලිසිය කියයි.

පසුව මෙම කාන්තාව තමාගේ රන් භාණ්ඩ  එම පුද්ගලයාගේ අතට ලබා දී ඇති අතර පසුව සැකසිතී  බලන විට සැකකරු  එම ස්ථනයෙන් පලාගොස් ඇත.

 මෙම සිද්ධිය පිළිබඳව රෝහලේ සිටින රොහල් ආරක්ෂක නිලධාරීන්ට පැවසීමෙන් පසු සැකකරුගේ තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව මරදාන  පොලිසියට පැමිණිලි කර ඇත.

සැකකරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මීට ඉහතදී මෙවැනිම වංචා සිදුකර ඇති බව  පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මධ්‍යම කොළඹ කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් ගලගමගේ මහතාගේ උපදෙස් පරිදි මරදාන පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර ඇපලතොටුව මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (5)

හොර වෛද්‍යවරයකු ලෙසින් රන් බඩු කොල්ල කෑ සාත්තු සේවකයා අල්ලයි

Nimal Saturday, 04 January 2025 10:22 PM

පොළොන්නරුව ප්‍රෙද්ශයේ...!

:       0       0

saman Sunday, 05 January 2025 04:09 AM

ඔය මෛත්‍රීපාල සෞඛ්‍ය ඇමැති කාලේ පොළොන්නරුවෙන් පුරවපු අය තමයි.

:       0       1

ඉරාන් Sunday, 05 January 2025 12:16 PM

පොලොන්නරුවේ නම් ඉතින් පොළවේ උපන් කඳපණුවා සෞඛ්‍ය ඇමැති කාලේ ගෙනත් දාපු වන්ධිභට්ට, චක්ගෝල, කඳපණුවෙක් තමයි..

:       0       3

sam Sunday, 05 January 2025 12:33 PM

මෙයා මීට ඉස්සරත් මෙහෙම කළා නම් ඇයි තවත් සේවයේ යොදවන්නේ...?

:       0       3

Bunny Preena Monday, 06 January 2025 11:23 AM

සමහරක් ගැහැණු ඉන්නවා තැනක් නොතැනක් කියලා නැහැ... ගෙදර තියන රත්තරන් බඩු ඔක්කොම පැළදගෙන එනවා... ඒවා ප්‍රදර්ශනය කරන්න. හරියට ජංගම රත්තරන් බඩු විකුණන සාප්පුවක් වගේ. මේවගේ ගැහැණුන්ට මෙව්වා හොඳ පාඩම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site