(ඩයනා උදයංගනී)

සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිරු මුදුන්වීම මෙම මස 15 වැනිදා දක්වා සිදු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කිරීම සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව අද (5) දහවල් 12.15 ට දොඩන්දූව, අකුරැස්ස, රන්න සහ හම්බන්තොට යන ප්‍රදේශයන්ට ඉහළින් ඍජුවම හිරු මුදුන්වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.