(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙකුගෙන් නිල මුද්‍රාව සොරාගෙන අඟුරුවාතොට ගල්පාත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට මත්පෙති සහ මත්කුඩු අලෙවියේ යෙදුණු පුද්ගලයකු ගල්පාත මුල් ගොඩකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි
සැකකරු සමඟ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් , විවිධ මත් පෙති, 20 ක් වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාවක් මෙන්ම ටී 56 ජිව උණ්ඩ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
අඟුරුවාතොට ගල්පාත ප්‍රදේශයේ වැලිගොඩ දමන රැකියාවේ නියුතු පුද්ගලයන්ට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය විකිණීමේ යෙදෙන සැකකරු සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිවස පරික්ෂා කිරීමේදී කුඩා පෙට්ටියක බහා තිබූ මත් පෙති කීපයක්, වෛද්‍යවරයෙකුගෙන් නිල මුද්‍රාව මෙන් ටී 56 උණ්ඩ දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
සැකකරු හමුවට පැමිණෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට හොරයින් මත්කුඩු සැපයීමට නොහැකි අවස්ථාවලදී රුපියල් 500 ,1000 ආදී මුදල් ලබාගෙන ඔෂධහල් වලින් මිලදී ගැනීම සඳහා අධි මාත්‍රා ඖෂධ කොල වල සටහන් කර නිල මුද්‍රාව තබා ලබාදෙන බව ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර දොස්තර මත් පෙති කුඩු සමඟ අල්ලයි