( ටී.කේ.ජී.කපිල )
අන්සතු ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු , කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුව දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මුලතිව් , යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කම්කරු වෘත්තියෙහි නියැලී තරුණයෙකි.
අද (19) අලුයම 03.45 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යාමට නියමිත , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ විගමන කවුළු වෙත තම නිශ්කාශන කටයුතු සඳහා නොපැමිණ , ඒවා අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම තරුණයා පිළිබඳව සැකසිතු ආගමන දෙපාර්තමේන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , ඔහු තමන් වෙත කැඳවා ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ .
එහිදී ඔහු සතු ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි පිළිබඳව විමසූ විට , ඔහු එම නිලධාරීන් වෙත ඉතාලි ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර , එහිදී එම නිලධාරීන් ඉතාලි භාෂාවෙන් කරුණු විමසද්දී , ඒවාට පිළිතුරු දීමට මෙම තරුණයා අපොහොසත් වී තිබේ .
පසුව ඔහු සතු ගමන් මල්ල පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී මෙම තරුණයා ගේ ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රය ද හමුවී තිබේ .
ඉන්පසුව මෙම තරුණයන් සතු සියළුම ලියකියවිලි , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගත් අතර , ඒ අතරතුර ඔහුගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද ආරම්භ කර තිබේ .
එහිදී මෙම තරුණය සතුව පැවති ඉතාලි ජාතික ගුවන් ගමන් බලපත්‍රය , වෙනත් පුද්ගලයෙකු සතුව පැවති එකක් බවත් , එය තැරැව්කරුවකු මගින් මොහු ලබාගෙන ඇති බවත් අනාවරණය විය .
එමෙන්ම මෙම ඉතාලි ජාතික ගුවන් ගමන් බලපත්‍රයෙහි සටන් කර තිබූ , ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී නිකුත් කරන වීසාවක ව්‍යාජ පිටපතක් ද අනාවරණය කර ගැනීමට මෙම නිලධාරීන් සමත්වී තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර හොර වැඩ කරන්නේ ඇයි? ඉතාලියේ රැකියාව කරන දීර්ගකාලීන රෙසිඩන්ස් හෝ පුරවැසිභාවය තිබෙන යාලුවෙක්ට හෝ නෑයෙක්ට කියලා ස්පොන්සර් වීසා එකක් හදාගෙන නිදහසේ මෙහෙ එන්න. ඇවිල්ලා ඉතුරු ඒවා බලාගන්න.
පව් මෙහෙ ඉන්න බැරි නිසානේ යන්න හදන්නෙ.. ඔන්න ඔහෙ යන්න දුන්නනම් මොකෝ වෙන්නෙ .කීයක් හරි හොයාගෙන අඩුම තරමෙ එයාගෙ පවුලෙ උදවිය හරි සතුටින් ඉදීවිනෙ. දැන් ඉතින් ඕකට යට කල සල්ලි සේරම ඉවරයි. පව් ඉතින්...
වංචාව කවුරු කලත් දඩුවම එක විය යුතුයි ,නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පොඩි මිනිහගෙ සිදුවීම් අල ගිය වැල ගිය තැන ඉදන් පත්තර වල දානවා.
පිටිගල මිලානෝ මහතා -උදව්කරන්න බැරිද ඉතාලියට එන්න
ශ්‍රී ලංකා ගුවන් තොටුපල සංක්‍රමණය ඇත්තෙන්ම සුපරීක්ෂාකාරී ය. ඉතාමත් අගය කොට සලකනවා.
ඇත්තටම මේ ආගමන නිලධාරීන් රට වෙනුවෙන් විශාල මෙහෙයක් නිහඩව සිදු කරනවා. ඒ ගැන අපේ කෘතගුණ පල කරනවා
ජයරත්න, ඉතාලියේ ඉන්න නෑයෝ, නෑයොන්ගේ නෑයෝ, යාලුවෝ, ඒ අයගේ යාලුවෝ සොයා යන්න. උදව් කරන්න කැමති කෙනෙක් හමුවෙයි.
ඉතාලියට එන්න සිටින කෙනෙකුට උපදේස් පමණක්(කුහකකමින් තොරව)ලබාදිය හැකියි .ෆේස්බුක්, මැසෙන්ජර් හරහා.(සිසිර සේනානායක -වෙරෝනා -ඉතාලි)
ඔය අර මහින්දට විරුද්ධව උද්ඝෝෂණ කරන්න යවන්න සිටි කෙනෙක් වෙන්න පුළුවන්.. දෙමළ ඩයස්පෝරාවෙන් හෝ එන්.ජී.ඕ. නඩයකින් හෝ රාජපක්ෂ විරෝධී නඩයකින් ...