(මනෝප්‍රිය ගුණසේකර)
හොර ඔප්පුවක් සකස් කොට රුපියල් ලක්‍ෂ 47 1/2කට ඉඩමක් විකීණීමේ චෝදනාවන්ට වරදකරු වු පුද්ගලයකුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා රුපියල් 25000/-ක දඩයකටද ඊයේ (30) ඔහු යටත් කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවුවහොත් මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ රංජන් ලියනගේ නමැත්තාටය.
1999 මාර්තු මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක තමාට අයත් නැති ඉඩමක් තමාගේ බව හඟවමින් රංගනාත් වැලිකල නමැත්තා රවටා එම ඉඩම මිලදී ගැනීමට ඔහු පෙළඔවීම සහ ව්‍යාජ ලේඛණ සකස් කොට එම ඉඩම රුපියල් ලක්‍ෂ 47 1/2කට විකුණා වංචා කිරීම ඇතු`ථ චෝදනා මත නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව විත්තිකරුට අදාළ දඬුවම් නියම කෙරිණී
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදුවාට වසර 24 ක් හිරේ
Kalum Thursday, 30 March 2023 06:14 PM
අවුරුදු 23ක් පමණ පරණ කේස් එකක්. මොනවා වෙන්න ඇත්ද අවුරුදු 23ට..? ඇයි මෙච්චර කාලයක්...? ලක්ෂ 47 එක ලක්ෂ 182... ඇයි කාලය? නීතීඥ ගාස්තුව....? මොනවා කරන්නද?
Bandara Thursday, 30 March 2023 10:21 PM
හොර ඇටෝනි බලපත්‍ර හදල ඉඩම් වික්ක අය පාර්ලිමේන්තුවේ?
ruwan Thursday, 30 March 2023 11:05 PM
මේ නඩුතීන්දුවල අවුලක් තියෙනවා වගේ දැනෙන්නේ මට විතරද? බාල වයස්කාර දැරියක් කෙළෙසූ මනුස්සයා සුළු වැඩ සහිතව අවුරුදු 10යි. මේ මනුස්සයාට අවුරුදු 30... පොඩ්ඩක් අවුල් වගේ...