
(අංජුල මහික වීරරත්න)
6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික අධධ්‍යාපන ආයතනය විසින් සිදුකළ විමර්ශන වාර්තාව අනුව ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේත් විශේෂයෙන්ම ජනාධිපති අගමැති සහ මේ කැබිනට් ප්රකාශකගේත් උද්ධච්ච බව, කවුරු විරුද්ධ උනත් කරනවා වැනි වහසි බස් තුට්ටුවට දැමීමට කටයුතු කළ සියලු දෙනාට හයේ පංතියේ දරුවන්ගේ දෙමාපියන් ගෞරව කළ යුතුයි. දැන් තොණ්ඩුව දාන්න හදන්නේ නිලධාරින්ට විතර ද? ඇමැතිට වගකීමක් ඇත්තේම නැද්ද?
ක්‍රමවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතිකරන්න. දරුවන්ගේ අනාගතය යහපත් කරන්න.
වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න.
කල් දැම්ම එක හොදයි. වෙන ආන්ඩුවක් ඇවිල්ලා හොඳ දෙයක් කරයි. ජනපති දවස් දෙකකට කලින් වහසි බස් කිව්වා නේද කවුරු විරුද්ධ වුණත් කරනවා කියලා.
හරිනිට ළමයෙක් හම්බවුණාම එයට උගන්වලා හරිගියොත් අනිත් අයට කරන්න. අපේ ළමයි මීයෝ නෙමේ.
කිසිම දෙයක් හරියට කර ගන්න බැරි පුස්සෝ ටිකක් තමයි දැන් රට පාලනය කරන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවා, ඒක තුන් මුල්ලේ විමලයට බයේ අකුල ගත්තා, ළමා අයිතිවාසිකම් පිළිබඳ පණතක් ගෙනාවා ඒක මැල්කම් රංජිත්ටයි, උලපනේ සුමංගලටයි බයේ අකුලා ගත්තා, පාසල් පවත්වන වෙලාව පැය භාගයකින් දික් කරන්න හැදුවා. ඒක ස්ටාලින්ට බයේ අකුල ගත්තා, ඩඩ්ලිට බයේ හාල් මිල පාලනය කර ගන්න බැහැ, ගැමුණුට ඕන විදිහට බස් දුවන්න ඉඩ දීලා තියෙනවා. මොවුන්ට රට පාලනය කරන්න බැහැ. මයික් ඉස්සර බෙරිහන් දෙන්න විතරයි දන්නේ, කට නැත්නම් බල්ලොත් ඇදගෙන යනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල යුතුමයි. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය තිබුනට, රාජ්‍ය සේවයේ තවමත් හාමුලගේ ගොට්ටෝ ඉන්නවා. ඒ අය හිතාමතා රජය අපහසුතාවට පත් කරනවා. එයට විරුද්ධව කියා මාර්ග ගත යුතුයි. පගා සල්ලි වලින් ගෙවල් වාහන අරගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරපු අයට මේ ආණ්ඩුව හොද නෑ.
දැන් ඉස්තාලය වහලා වැඩක් නැහැ. අශ්වයා පැනලා ඉවරයි. දැන් LGBT ද NPP ද සියල්ල ප්‍රචාරය වෙලා ඉවරයි. ප්‍රතිඵලය තව අවුරුදු පහකින් ලැබෙනවා නියතයි.
ඒක හොදයි... නැත්නම් බයියෝ ඕක අල්ලගෙන ආපහු හොරුන්ට දෙන්න කුමන්ත්‍රණය කරයි.
ඔය පොත් ප්‍රින්ට් කරන්න වියදන් කරපු කෝටි ගානක මුදල් දැන් ගඟේ දැම්මා වගේ. පොත් ටික කඩලා කජු ගොටු හදන්න තමයි.
ආණ්ඩුවේ අයට වුණු වැරැදි ටික පිළිගන්න කොන්දක් නැහැ. විමල්ලා වගේ කාලකන්නින්ට මේ වැඩේ අල කරන්න ඕනේ. මට හිතෙන දේ නම්-විමල්ලාගේ හරි විපක්ෂයේ සෙට් එකක් මේ සලකුණු මාරු කරන එකයි, e-buddy.net වෙනුවට buddy .net මාරු කරන එක කරා. රාජ්‍ය ලාංචනේ සිංහයා මාරු කරන්න, NIE එකේ මිනිස්සුන්ට අමාර්වක් නැහැනේ. හරිණි අගමැතිවරිය -ඉස්සරවෙලා මේ වුණු දේට පරීක්ෂණයක් කරන කල් අයින් වුණා නම් ඉවාරයි. මෙච්චර හොඳ වැඩක් පොඩි වැරදි කිහිපයක් නිසා කල් දාන්න. කාලකන්නි විපක්ෂයේත් ඉන්නේ අට පාස් උණුයි හොර ලෝයර් ලයි වැඩිපුරම උන්ගෙන් මේ වගේ පොඩි දෙයකට නාඩගමක් හැරෙන්න වෙන මොනවා බලාපොරත්තු වෙන්නද? ඔවුන් එකෙක් වත් ගණිතය, විද්‍යාව, සහ අනෙකුත් විෂයන් වල වුණු වෙනස්කම් ගැන කටක් ඇරියේ නැත්තේ ඔවුන්ට තේරෙන්නේ නැති නිසා...
ගණිතය , විද්‍යා විෂයන්වල කරලා තියෙන සාධනීය වෙනස්කම් , විභාග වල තියෙන වෙනස්කම් ගැන විපක්ෂයේ එකෙක් කතා කලේ නැහැ. ඔවුන් ඒවයි වැරැදි කීවෙත් නැහැ. ඔවුන්ට ඒවා තේරිලත් නැහැ. ඔවුන්ට පෙනුනේ ලාංචනේ වැරැදි සහ අකුරේ වැරැදි ටික විතරයි. මේ තරම් ඩෙඟා නටන්න. මොනා වුණත්, හරිනි මුලදීම මේ වරද දැකලා, පරීක්ෂණ ඉවර වෙනකල් අයින් වෙලා හිටියා නම් විපක්ෂයට කටයි පුකයි වහගෙන ඉන්න තිබුණා. ඇත්තටම විපක්ෂයේ ඉන්න අයට රටේ ළමයින්ගේ අධ්‍යාපනය අදාලම නැහැ. ඔවුන්ට ඕනේ ප්‍රශ්න මවන්න.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමේදී ආණ්ඩුව ඉක්මන් උනා වැඩියි . මේක අවශ්‍ය වැඩක් . ඒත් හැම අංශ වලම අදහස් විමසලා පුළුල් අධ්‍යනයක් කරලා තමයි මෙය කල යුතුව තිබුනේ . නිලධාරීන් කීප දෙනෙකුට වැඩේ බාර දීල මේක කරන්න බැහැ. අගමැති තුමිය කලබලේ මේවා කරන්න ගිහින් වැඩේ අනා ගත්ත බවකුයි පෙනෙන්නේ .
ඉක්මණින්ම කරන්න. ලෝකයේ අනිකුත් දියුණු රටවල් එක්ක බලනකොට අපි ඉන්නේ පහළ මට්ටමක අධ්‍යාපනය අතින්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සංස්කෘතිය නැති කරගෙන අධ්‍යාපනය දියුණු කරනවා කියලා
එක් තැනක තිබුණු වරද දැක්ක, එම වැරද්ද නිවැරැදි කරන්න වැරදි මුද්‍රණය ඉවත් කළා. එම වැරැද්ද හිතාමතා කළ එකක්ද? නැතහොත් අත් වැරැද්දකින් වූවක්ද බලන්න පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ කමෙන්ට් දාපු කිසිවෙක් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තරගතය කුමක්ද යන්න නොදනියි. ඔවුන් දන්නේ විපක්ෂය ජනගත කරන, අගමැතිණියගේ අවිවාහක බව සහ සමලිංගික කරුණු පමණි. මෙය දරුවන්ටත්, දෙමව්පියන්ටත් කරන මහා අසාධාරණයකි.
මෙතන හා පිටත තප්පුලන තඩි මී ගවයන්ගේ අදෝනාව ඇහෙන විට, මෙරට පවතින අධ්‍යාපනයේ ඛේදවාචකය තේරුම් ගත හැකිය. දියුණු අධ්‍යාපනයක් සහිත රටවල පාසල් දරුවන්ට, මේ පවතින ලෝක යතාර්තයට අනුව, LGBTQ යන්න අමුතුවෙන් හඳුන්වා දීම නොව, ඒ පිළිබඳව දරුවන්ට නිසි අවබෝධයක් ලබාදිය යුතු බව අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණයි. අධ්‍යාපනය යනු සැඟවීම නොව, සොයා යාම බව ලංකාවේ අම්බරුවන්ට නොතේරීම කරුමයක්... එලොවටත්, මෙලොවටත්, නැති වනචාරී පිම්පියන්ගේ උඩු බිරුම් වලට බිය නොවී, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම රජය සතු වගකීමක්.. එය මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් කරන විශාල මෙහෙවරක්.. එහෙම නැත්නම් ඉතින්, හැමදාම නරි හුවට බියේ සියල්ල හකුලා ගෙන සිටීමට සිදුවනු ඇත..