(අංජුල මහික වීරරත්න)

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික අධධ්‍යාපන ආයතනය විසින් සිදුකළ විමර්ශන වාර්තාව අනුව ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.