ඇන්තනි ඩේවිඩ් (සන්ඩේ ටයිම්ස්)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ජේ.ටී.ඩී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් මෙම පරීක්ෂණය පවත්වනු ලබන අතර එය නීතිපති දප්පුලද ද ලිවේරා මහතාගේ උපදෙස් අනුව සිදුකෙරේ.
අයි.එස්. සංවිධානයේ සහාය ලබන මුස්ලිම් අන්තවාදීන් විසින් පාස්කු ඉරිදා එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා එම පරීක්ෂණය ආරම්භ කරන්නැයි උපදෙස් දී තිබේ.
කමිටු වාර්තාවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇතැයි දැනගන්නට ලැබේ.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන පද්මසිරි ජයමාන්න යන මහත්වරු ඇතුළත් වෙති.
එම කමිටුව සති දෙකක් තුළ අතුරු වාර්තාව ඉදිරිපත් කළ අතර අවසන් වාර්තාව ලබාදීම සඳහා ලබන 31 වැනිදා දක්වා කල් ඉල්ලා ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ ගැන දැනන් හිටිය ජනපති හා මහින්ද රාජපක්ෂට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිද?
අනේ මන්දා මේ හාදයෝ දෙන්නව කාලෙකින් දැක්කේ... දඹදිවවත් ගියාද පිං රැස්කර ගන්න?
තවමත් කරන්නේ බොරුව.. පරීක්ෂණ පවත්වන්න ඕනේ මහා එක්කෙනාට විරුද්ධවයි. මහා එක්කෙනා හැමදාම කලේ තමාගේ සියලු වරදවල් අනුන්ගේ කරේ ගැසීමයි.
මිටි තැනින් වතුර බහී වගේ.
මේ දෙන්න බිල්ලට දුන්නම ජනාධිපති අගමැති නිදොස් කොට නිදහස් කරන්න පුළුවනි නේද?
පොලිස් ඉතිහාසයේ සිටිය අදක්ෂ ම ලැජ්ජාවක් ගෑවිලාවත් නැති පොලිස්පති වරයා මොහුයි. ගෞරවයක් ඇති පොලිසියක් පිහිටුවීම සඳහා කෙසේ හෝ මොහු පන්නා දැමිය යුතුමයි.
පරීක්ෂණ ආරම්භ කලා කියන්නේ කොහේ හෝ රටක තානාපති තනතුරක් දෙන්න හදනවා ඇති .......
ඕකත් හරියට පුස්ස බින්දා වගේ තමා. කෙහෙතගේ අපලය "අද නොවේ හෙට" වගේ තමා ඕකත්.
ඇයි ඒ දෙන්නා විතරක්?
ඔය තනතුරු 77න් පස්සේ නිකම්ම දේශපාලන අතකොලු කලේ කවුද? ඒ වගේ ඵලවිපාක අපි අද භුක්ති විඳිනවා. ඔය පොලිස්පති ඉතා දක්ෂයෙක්... ඔවුන්ට මහින්ගේ සපත්තුවට යටවෙලා කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
පූජිත් ජයසුන්දර කියන්නේ පොලිස්පති පදවියට පත්වුණු තවත් නිලධාරියෙක් පමණයි. ඔය පුපුරපු බෝම්බවලට ඔහු වගකිවයුතු නම් මීට කලින් දහස් ගණනක් පුපුරපු බෝම්බවලට ඒ කාලවල හිටපු පොලිස්පතිවරු වග කියන්ට ඕනෑ නේද? ඊටත් වඩා ඔහුගෙන් පසු පත් වූ අලුත් වැඩ බලන පොලිස්පතිට පුත්තලම සිට මිනුවන්ගොඩ දක්වා වූ දේශපාලකයින් විසින් සංවිධානය කළ කෝලාහල නවත්වන්නට හැකි වුනාද? මෙතැනදී අපි සැවොම නොදන්නා ඉතා ප්‍රබල අභිරහසක් තියෙනවා. මම දකින විදියට පක්ෂ විපක්ෂ වල සිටිනා ඉහළ පෙලේ දේශපාලකයින් සැවොම බෝම්බ පිපිරීමට පෙර දැන සිටියා විය හැකියි.
මේ පොලිස්පති අවුරුදු 33කට වැඩි කාලයක් ඉතා හොඳින් රාජකාරි කළ අති දක්ෂ නිලදරුවෙක්... කුරුණෑගලින් පුපුරන ද්‍රව්‍ය කිලෝ 1000කට වැඩි ප්‍රමාණයක් ලොරියක් සමග අත්අඩංගුවට ගත්තා මතක ද...? 2015වෙන් පස්සේ මේ දෙමුහුන් ආණ්ඩුව මොනවද කලේ? කාටද වැඩ කරන්න දුන්නේ? එක දවසක් මතකද දේශපාලකයෙක් පොලිස්පතිට දුරකථනයෙන් නියෝග දුන්නා මහජනයා හොඳින් දුටුවා.. එම නිසා මම කියනවා මේ පොලිස්පතිට වැඩ කරන්න රටේ නායකයාගේ ඉඳන් සියලු දේශපාලකයෝ වැඩ කරන්න දුන්නේ නෑ. දැන් සියලු දෙනා මේ ප්‍රශ්නයෙන් බේරෙන්න පොලිස්පතිගේ අගේ සියලු කුණු දානවා.. කවදා හෝ සත්‍යය ජය ගනීවි.
මේ කමිටුව හරියට හොරාගේ අම්මාගෙන් පේන අහන වැඩක් වගෙයි.
දී කිරි වලට බළලුත් සාක්කිලු...... ..ජනාධිපති පත්කළ කොමිටිවේ තින්න්දු ගැන මොන කතා ද ...?
සත්‍ය අද හෙට නොව කවදා හෝ ජය ගනීවි
2020 න් පසුව සත්‍ය එලි දකීවි එවිට අපි බලා ඉමු ද ...?
මම ඔබතුමාලා දෙන්නගෙන් ඉල්ලනේ එකම දෙයයි ඒ තමා එදා එම විනාසකාරී සිදුවීම නවත්වන්න කටයුතු කරන්න ඔබතුමාලට තිබුන බාදකය හා එය ඉවත් කිරීමට බලය තිබු පුත්ගලයන් රට ඉදිරියේ හෙලි කරන්න රැකියාව ගැන නොසිතන්න. කිසිම කෙනෙක් කල වරදක් වසන් නොකරන්න තමන්ගේ නිර්දොසීබව රටට හෙළි කරන්න.