IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


හේමසිරිට-පුජිත්ට ඇප

 ( නිමන්ති රණසිංහ) 

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ හිටපු පොලිස්පති පුජිත්  ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09 ) නියෝග කළාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  සැකපිට මොවුන් දෙදනා අත්අඩංගුවට ගෙන තිබිණි.

මිනීමැරීමේ චෝදනාව යටතේ  මොවුන් දෙදෙනාට අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නගා තිබිණි.  එම කරුණු කිසි අයුරකින් අනාවරණය කිරීමට නොහැකි වීම  හේතුවෙන් මොවුනට මෙසේ ඇප ලැබිණි.

සැකකරුවන් මේ වන විට  බන්ධනාගාර නිලධාරීන් යටතේ   නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ  ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා  එහි ගොස් ඇප අත්සන් කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරිය විසින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.

සැකකරුවන් සුව වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.  

 



අදහස් (22)

හේමසිරිට-පුජිත්ට ඇප

C.K. Lankaputhra Tuesday, 09 July 2019 06:33 AM

සීඅයිඩියටත් අබ සරණයි.

:       10       89

රවින් Tuesday, 09 July 2019 07:31 AM

අනේ ඉතින් මේ දෙන්නට උනේ කාගෙවත් රෙදි අපුල්ලන්න.

:       1       91

Hafeel Tuesday, 09 July 2019 07:44 AM

ඇප ලැබුණානෙ. දැන් ඉතින් සුව වෙලා ඇති. කොහොමටත් මේක සාධාරණ නැහැ. මේ දෙදෙනාගෙන් අඩු පාඩු වෙලා ඇති.

:       11       75

Uditha - London Tuesday, 09 July 2019 08:04 AM

කථාව මතු සම්බන්ධයිද? නැත්නම් නිමිද?

:       0       51

RaveendraTuesday, 09 July 2019 11:18 AM

නැත, කතා වස්තුවේ හොඳ කොටස් ඉදිරියේදී පෙන්වනු ලැබේ. අත්අඩංගුවට ගන්නේ නම් නැවතත් අපි එම කාල වකවානුවේ පණ අදිනවා හොඳටම හොදේ..

:       0       1

Prabha Tuesday, 09 July 2019 08:26 AM

සියලු දේ දැනගෙන නිහඬව සිටි පල්ලි නොගිය ඇමතිට කිසිම පරීක්ෂණයක් නැතිව....

:       0       61

dayan Tuesday, 09 July 2019 08:57 AM

මේවා ගැන සීඅයිඩී එක විමර්ශනයක් කලාද? කවුරුවත් කිව්වට නඩු පැවරුවද? අබුද්දස්ස කලේ ලබුත් තිත්තලු.

:       0       84

rama Tuesday, 09 July 2019 09:14 AM

මිනීමැරීමේ චෝදනාව යටතේ මොවුන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නගා තිබිණි. එම කරුණු කිසි අයුරකින් අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මොවුනට මෙසේ ඇප ලැබිණි. අනේ ඉතින් අන්තිමට වැරදී කාරයෝ පල්ලි වලට ගිය මහා ජනතාව සහ හොටල් වල සිටිය ජනතාව වේවි ද?

:       0       72

H.D.Gunaratne Tuesday, 09 July 2019 09:48 AM

මේකෙන් තේරෙන්නේ නීතිපති වැරදි බවයි.

:       0       113

Anu Tuesday, 09 July 2019 09:56 AM

මා හිතන විදියට අධිකරණය නීතියේ අාධිපත්‍ය ඉතා මැනවින් තහවුරු කළ අවස්ථාවක්... දේශපාලුවන්ට ඕනෑවිදියට තමන් අකමැති අය, තමන්ට අභියෝගයක් වන අය හිරේ දැමීමට මොවුන් පසුගිය කාලය පුරාම උත්සාහ කළා. ඇත්තට හොරකම් කල අය, මිනීමරපු අය කියා කියපු අය තාම නිදැල්ලේ.. මේ විහිළු දැන් රටේ මිනිස්සුන්ට හොඳටම ඇතිවෙලා.

:       7       102

isuru Tuesday, 09 July 2019 05:44 PM

දැන් අපේ රටේ නීතිය සාධාරණව කටයුතු කෙරෙන බව පේනවා... ඉස්සර ජනාධිපති තමයි තීන්දුව කියන්නේ එ්ක 19යෙන් වෙනස් වුණා නියමයි.

:       6       23

jagath Tuesday, 09 July 2019 05:46 PM

අනික් දවසේ මේ දෙදෙනාම නිදොස් කොට නිදහස් වෙනවායි මම සිතමි.. දැන් 18 නෙමෙයි තියෙන්නේ 19... එ්කයි මේ වෙනස...

:       0       4

kamil Tuesday, 09 July 2019 05:48 PM

මේ දෙදෙනාම මේ කාරණාවට වගකියන්න නුසුදුස්සෝ.. සුදුස්සා ජනාධිපති

:       0       4

kaalinga Tuesday, 09 July 2019 05:49 PM

දළදා සමිඳු පිහිටයි දෙදෙනාටම..

:       0       0

tharindu Tuesday, 09 July 2019 05:50 PM

සත්‍ය කවදා හෝ ජයගනු නියතයි.. එය ලෝක ධර්මතාවයයි. මෙය එහි පෙරහුරුවයි..!!

:       0       5

kawidu Tuesday, 09 July 2019 05:53 PM

මේ පාර ඇප ඊළඟ පාර නිදොස් කොට නිදහස්.... ඊට පස්සේ නඩුදාපු කට්ටියට මෙයාලගෙන් වන්දි නඩු ...!!!

:       0       5

tharindu Wednesday, 10 July 2019 09:52 AM

මේවා දකිනකොට අපිට හිතෙනවා ජනාධිපති හිතන් ඉන්න ඇති මහින්ද හදාගත්ත 18 තවමත් තියෙන්නේ කියලා... නමුත් රනිල් මොලේ පාවිච්චි කරලා මහින්දව පරදවලා 19 ගෙනැල්ලා මෙයාවත් පාලනය කළා.. දැන් නීතියේ ස්වාධීනත්වය හා සාධාරණත්වය සැවොම භුක්ති විඳිනවා... මේ ඒ ප්‍රතිඵල...

:       10       0

irshan Wednesday, 10 July 2019 01:01 PM

තෙරුවන් සරණයි.. ජේසු පිහිටයි ... !!!

:       0       0

kithsiri Wednesday, 10 July 2019 02:37 PM

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය... ශ්‍රී ලංකාවේ නීතිය රජවෙලා, මහජනතාව සතුටුවෙලා, දේශපාලකයෝ බලුවෙලා, සාමය උදාවෙමින් යනවා. මේ පිපෙන්නේ ඒ අරුණලු...

:       0       0

thisara Wednesday, 10 July 2019 02:39 PM

මේ දෙදෙනාටම තුනුරුවන්ගේ සරණයි. පොලිස්පතිතුමා නැවත වැඩ බාරගන්නේ කවදාද?

:       0       0

ihunikaa Wednesday, 10 July 2019 02:42 PM

ගරු අධිකරණය පිළිබඳව රටවැසියන් වන අපිට මහත් ආඩම්බරයක්... දැන් ස්වාධීන අධිකරණයක් අපිට තියෙනවා..

:       0       0

kithsiri Wednesday, 10 July 2019 02:44 PM

මේ සිදුවීම සම්බන්ධයෙන් ජනපති අත්අඩංගුවට ගන්නවද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site