(නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(03) නියෝග කළාය.
එදිනයට සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම්දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ප්‍රවෘත්ති අහන් ඉන්න එපාවෙලා තියෙන්නේ. මොකද උසාවියේ නියෝගයක් අරන් චෙක් අප් ටිකක් කරගන්න ඉස්පිරිතාලේ නැවැත්තුවා වගේ වැඩක්. දැන් ගෙදර අය තියෙන හොඳම කෑම එක අරගෙන ගිහින් බලලා එනවා ඇති. මේ රටේ අධිකරණය, පොලිසිය මන් හිතන්නේ කිසිදු ස්වාධීන ආයතනයක් නැහැ. කොහොමත් ජනාධිපතිවරණයයි, මහා මැතිවරණයයි ඉවර වෙනකම් මේ නාඩගම් ටික බලන්න වෙනවා.
මෙහෙම අවස්ථාවලදී සැකකරුවන් රෝහල් ගත වෙනවා. මැති ඇමතිවරු තමයි මේක පටන් ගත්තේ. ඒ වගේම බැරි වෙලාවත් හිර දඬුවමක් ලැබුනොත් හිරේට ගිය ගමන්ම බන්ධනාගාර රෝහලට ඇතුළුවෙනවා. ඔය හැම වෙලාවේදීම රැවටිල්ල කරලා තියෙන්නේ සකකාරය විතරද? හැම එකාවම පරීක්ෂා කරලා ලෙඩෙක්ය කියල සහතික කරන්නේ කවුද? අදටත් සමහර වී අයි පී ලෙඩ්ඩු හිරේට ගිය දා පටන් ඉන්නේ බන්ධනාගාර රෝහලේ නේද? කවුද වෛද්‍ය සහතික දෙන්නේ? මේක මාෆියාවක්. නීතියක් නැති රටේ තවත් විහිළුවක්, මහත්වරුනි.
මේ රටේ නීතිය බල්ලට වැටිලා... ඒක නැවිලා විතරක් නෙවේ කෑලි කෑලි වලටම කැපිලා. නීතියේ ආධිපත්‍යය ඉහළ තලයේ පුද්ගලයන්ගේ බලයට නතු වෙලා. මේ සිදුවන්නේ එම සංසිද්ධියයි. මේ නඩුවෙන් චූදිතයන් වරද කරුවන් වුවහොත් හිමිවන්නේ මරණ දඬුවමයි. කරුණු කාරණා ඉතාමත් පැහැදිලිව තිබියදීත් එසේ සිදුවුවහොත් ... ලෝක පාලක දෙවි දේවතාවුනි, මේ ඔබේ අවධානය පිණිසයි.
එතකොට ආරක්ෂක ඇමති වගකීම පැහැර හැරියාට දඬුවම ඡන්ද දායකයා වෙලාවට දේවි...
මේවා අනෙක් අයටත් හොඳ පාඩම්. මට කරන්න දුන්නේ නෑ. එ්ක නිසා මම නිකන් හිටියා කීවට අන්තිමට සේවය පැහැර හැරීම යටතේ ගස් යන්න වෙන්නේ. සේවය ඉටු කරන්න බැරිනම්, වේලාසනින් මාරුවෙන්න.
රට වැසියන්ගේ වගකීම තමයි ඕනෑම දෙයක් නිවැරදිව දැකීම හා නිවැරදි ව තීන්දු ගැනීම... මේ මොහොතේ රටේ ජනයා නිදිද?... නිදිකරලද? මට මතක් වෙනවා... ප්‍රංශයේ 16වන ලුවී රජුගේ බෙල්ල මහජනයා කැපූ යුගය එ් යුගයට අපේ රට තල්ලුවෙන භයානක යුගයන් වගෙයි මම මේ පොලිස්පති හා ආරක්ෂක ලේකම්ගේ සිදුවීම දකින්නේ..!!!
මේ රටේ ජනාධිපතිලා තනිකර කෙලින්නේ පිස්සු...