
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල කරන බාධා වහාම ඉවත් නොකළහොත්, එරට බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, ඉදිරි පැය 48 ඇතුළත කිසිදු තර්ජනයකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට ඉරානය පියවර ගත යුතු බවය.
එසේ නොකරන්නේ නම්, ඉරානයේ විශාලතම බලාගාරයේ සිට ආරම්භ කර එරට සියලුම බලශක්ති පද්ධතීන් අමෙරිකානු ප්‍රහාර හමුවේ සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවට ට්‍රම්ප් තර්ජනය කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ පැය 48 ක අවසාන නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, ඉරානය ද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, තම රටේ ඉන්ධන හෝ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඒ වෙනුවෙන් සමස්ත ගල්ෆ් කලාපය පුරා විසිරී ඇති ඇමෙරිකානු සබඳතා සහිත සියලුම බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවය.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විශාලතම බලාගාර විනාශ කරන බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුධමය තත්ත්වය සහ බලශක්ති අර්බුදය අතිශය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇති බව විදෙස් දේශපාලන විචාරකයෝ අනතුරු අගවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd