IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හමාස් ප්‍රහාරය ගැන ඩොනල්ඞ් ට්‍රම්ප් කට අරී

ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අදහස් පළ කර තිබේ.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන්නේත්, අවි ආයුධ සහ අවි පුහුණුව ලබා දෙන්නේත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි.
හිටපු ජනාධිපති ට්‍රම්ප් පැවැසුවේ හිස්බුල්ලා සංවිධානය ඉතාමත් බුද්ධිමත් ආකාරයට, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමට මෙහෙය වූ බවය.

7 වැනිදා එල්ල වුණු එම ප්‍රහාරය වලක්වා ගැනීමට ඊශ්‍රායල මොසාඞ් බුද්ධි අංශය අපොහොසත් වීම, බුද්ධි අංශයේ දුර්වලතාවක් බව ට්‍රම්ප් පැහැදිලි කළේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට ද ට්‍රම්ප් දොස් නැගීමට ද අමතක නොකළේය.

ට්‍රම්ප් ජනාධිපති ධුරය හොබවද්දී ඊශ්‍රායලට ඉතා සමීපව කටයුතු කළේය. ඊශ්‍රායලයත්, පලස්තීනයත් අයිතිය ඉල්ලන, ඊශ්‍රායලයේ ජෙරුසලම එරට අගනුවර ලෙස නිල වශයෙන් පිළිගත්තේ ද ජනාධිපති ට්‍රම්ප්ය.

පලස්තීනුවන් සහ ට්‍රම්ප් අතර විරසකයක් ඇති කිරීමට එය හේතුවක් විය.

‘මා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, සම්පූර්ණයෙන් ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටියා. එහි ප්‍රතිඵලයක් විදියට ඇමෙරිකාව ආරක්ෂිත තැනක් වුණා. ඊශ්‍රායලය ආරක්ෂිත තැනක් වුණා.’ යනුවෙන් ද ට්‍රම්ප් පැවැසුවේය.



අදහස් (0)

හමාස් ප්‍රහාරය ගැන ඩොනල්ඞ් ට්‍රම්ප් කට අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 346 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site