
(උපාලි ආනන්ද)
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බාලවයස්කාර දැරියක බරපතල ලෙස දුෂණය කළ බව කියන සිද්ධියට අදාලව පොලිසිය සිදු කරන විමර්ශන පිළිබඳව නීතීපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ මහත්මිය විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
රජයේ අධිනීතීඥවරිය මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බාලවයස්කාර දැරියක බරපතල ලෙස දුෂණය කළ බව කියන සිද්ධියට අදාල නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා ඉදිරියේ අද යළි කැඳවු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පළමු වරට පෙනී සිටිමිනි.
නඩුව කැඳවු අවස්ථාවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව නිට්ටඹුව මූලස්ථාන පොලිසියෙන් විමසා සිටි අතර, නිට්ටඹුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන මහතා පවසා සිටියේ, මෙම සිද්ධියට අදාල මුල් DNA පරීෂණයට අදාල වාර්තාව දැනටමත් ලැබී ඇති බවත්, දෙවැනි DNA පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවත්ය.
විමර්ශන වලට අදාලව සැකකාර හිමිනමගේ, වින්දිත දැරියගේ සහ වින්දිත දැරියගේ මවගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේශන වාර්තා ලබාගෙන දැනටමත් අධිකරණයට භාරදී ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
සිද්ධියට අදාලව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවද අධිකරණයට දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරි විමර්ශන වල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.ෙ
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ, මෙම සිද්ධිය තවමත් විමර්ශන අවධියේ පවතින නිසා විශේෂ කරුණු දැක්වීමක් සිදුකිරීමට තමන් අපේක්ෂා නොකරන බවයි. විමර්ශන වල ප්‍රගතිය වාර්තා කිරිම සඳහා දිනයක් ලබාදෙන්නැයි පොලිසිය කළ ඉල්ලීමට තම එකඟතාව පළ කරන බවද ජනාධිපති නීතීඥවරයා කීවේය.
වින්දිත දැරිය අධීක්ෂණය කරනු ලබන පරිවාස නිලධාරිනිය සඳහන් කළේ, දැරිය මේ වන විට මනෝ උපදේශනය සඳහා යොමු කරමින් යහපත්ව ඉතාමත් ආරක්ෂිත ලෙස පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ රඳවා සිටින බවයි.
දැරිය රඳවා සිටින ස්ථානය පිළිබඳව ද හෙළි කිරීමට පරිවාස නිලධාරිනිය උත්සාහ කළ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට දැනුම් දුන්නේ දැරිය රඳවා සිටින ස්ථානය හෙළි නොකරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd