(දිලිප් ජයසේකර)
නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ ඉදි කරන ලද හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
මහල් 10 කින් සමන්විත මෙම නව දිස්ත්‍රික් මහ රෝහල නෙදර්ලන්ත රජයේ සහන ණය ආධාර යටතේ ඉදිකර ඇති අතර රෝගී සත්කාරය සඳහා අවශ්‍ය නවීන පහසුකම්වලින් මෙම නව රෝහල සමන්විතය.
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දිලිප් වෙදආරච්චි, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරු සහ නෙදර්ලන්ත තානාපතිනිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.











(ඡායාරූප - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මාධ්‍ය ඒකකය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය රජය සමයේ හදපු එකක් නේද මේ...?
හරි හරි... දර්ශන පරක්කුවෙලා හරි වැඩේ ඉවර කරලනේ.. මේක ඔය පොත අත්සන් කරන්න තිබුනේ 2016 බව අපි දන්නවා..
වටපිටව තණකොළ ගස් දිහා බැලුවම සෑහෙන කලක් අතහැරලා දාලා තිබුණු පරිසරයක් බව පෙනේ.. හරකුන් ගැවසුණු ස්ථානයක් බව පෙනේ..
ඔය සුදු තොප්පි දමාගෙන ඉන්න අයත් ගොඩනැගිල්ලේ හැටියට වැදගත්ව කටයුතු කරාවි යයි හිතනවා..
කරුණාකර ඔය තොප්පි ගලවා දමන්න.. කාන්තාවට එ්ක දමන්න බැහැ. අපේ ආගමට විරුද්ධයි. අපිට තොප්පි තමා ඔක්කොමලා දමන්නේ...
නෙදර්ලන්තය කලේ හොඳ දෙයක්. ලංකාවේ දේශපාලන බල්ලෝ ඕක විනාශ කරාවි.
මේක හදල ඉවර කරලා අවුරුදු ගණනක් වෙනවා. සමහර විට මේ කට්ටියට විවෘත කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති. මොකද ජනතා අයිතියට පත් කලේ නැත්නම් රෝගීන්ට සුවයක් ලැබෙන්නේ නැහැ නේ.
ණය ආධාර වෙන්නේ කොහොමද? අපිට ණය වෙන්නේ නැතිව පොදු කටයුතු මොකුත් කරන්න බැහැ. ඒත් ඇමති ගොල්ලන්ට වාහන ගන්න නිවාස අලුත්වැඩියා කරන්න ණය නොවන ඇස්තමේන්තු පාස් කරනවා මිලියන සිය ගණනින්. මේක සාධාරණීයකරණය කරන්න පුලුවන්ද?
විවෘත කරන දිනයේවත් පාරේ පෙමෙන්ට් එකවත් පිරිසිදු කරන්න බැරි උන නිලධාරීන් ඉදිරියේදී කොහොම නඩත්තු කරාවිද?
රෝහල් හදන එක හොඳ දෙයක්
කව්රු පටන්ගත්තත්, කව්රු ඉවර කළත්, රෝගීන්ට බෙහෙත් දෙන තැනක් නැහැ. ඔක්කෝටම එහි පින් ලැබේ.