(යොහාන් භාසුර)
රෝහල් තුළට හමුදාව හෝ පොලිසිය යොදවලා වැඩවර්ජනය මර්ධනය කිරීමට උත්සහ කළ හොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් බවට අනිවාර්යෙන්ම පත්වන බවත් අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් වැඩවර්ජනය දිගු නොකරන්නැයි රජයට කියන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (14) පස්වරුවේ පැවසීය.
වැඩවර්ජනයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත වර්ජනයේ ආයුකාලය තීරණය වන බව ද ඒ මහතා කීය.
සියලු සෞඛ්‍ය සහයක සේවා හෙට පෙරවරු 6.30 වර්ජනය ආරම්භ කරන බව කී කුමුදේශ් මහතා පෙරවරු 8.00 සිට සියළුම සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනයට එකතු වීමට නියමිත බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැණි බේරෙන්න නෙලුවා නම්.., වහපු ඉස්පිරිතාල ඇර ගන්න වෙනවා, මුන්ට..
ඉතින් කරන්න, රට කන හැත්ත.
අනේ පිස්සු කෙලින්නේ නැතුව වැඩිවුන බදු ගෙවලා මේ පුංචි දුපත දියුණු වෙන්න වැඩ කරන්න.
වෘත්තීය අරගලයට ජයවේවා !
අනිවාර්යයෙන්ම මේ කාලකණ්ණි ආණ්ඩුව පන්නන්නම ඕනෑ.. රනිල් රාජපක්ෂලා එකතුවෙලා රට තවත් කන්නේ නැතිව තොලොංචි වෙලාම පලයල්ලා..
කනත්තවල් වල වැඩ කරන්නත් මේ දිනවල මිනිස්සුන්ට පන මදි
ජනතා මුදලින් ඉගෙනෙගෙන චනල් කර දිනකට දසදහස් ගණන් උපයන ජනතාවට ණයගැති මුන් සොච්චමක් ගෙවන්න ලෝබයි. චැනල් රජයේ වැටුප් ලබන අයට තහනම් කලයුතුය.
අනේ අඛන්ඩ වර්ජනයක් කරන්න. එතකොට සෑහෙන පිරිසක් රස්සාවලින් දොට්ට දාන්න අවස්ථාවක් ලැබෙනවා
රට විනාශ කරන පාහරයෝ .මේ සක්කිලියන්ට දෙන්න ඕන 88,889 කාලේ දුන්න දඬුවම්
මෙයා කොරෝනා සමයේ දරුණු බිල්ලන් හැමදාම මවලා රට මාස ගාණක් වහන්න බලපෑම් කරපු කෙනෙක්... ඒ පරිප්පු තමයි අපි මේ දැන් කන්නේ...!
මෙයාලාගේ වැටුපෙන් අඩු වෙන නිසා මිසක් රටට ආදරේට කරන වර්ජනයක් නෙමේ. ප්‍රේමදාස ගෙ කාලේ වගේ රිදෙන්න දුන්නා නම් හරි. යූනියන් එක්ක මේ රට ඉස්සරහට යන්නේ නෑ. 100000/- වැටුප් නොලැබෙන අය බහුතරයක් රටේ ඉන්නවා.
කොව්ඩ් වසංගත සමයෙත් මෙයා මේ ලෙසම සද්ද දැම්මා.එදත් මෙයාගේ කට වහන්න කෙනෙක් නෑ.අදත් නෑ
වෘර්තියක අයිතිවාසිකම් ගැන මේ වගේ කතා කරන්න වෙලා තියෙන්නේ අමන,අකාර්යක්ෂම දේශපාලුවෝ නිසයි .අවුරුදු 75 කින් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට නම් කරපු කාලකන්නි ටිකක් අපිට ඉන්නේ
ජනාධිපතිතුමනි, ඔබ මේ බූතයන්ට සලකන්නට අකමැති නම්, දිවංගත ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා අමතන්න.1 සිට දොස්තර් වෙනකම්ම අහින්සකයන් ගෙබදු මුදලෙන් ඉගනගෙන, පර හැත්ත පුද්ගලික channel වලින් අහින්සක මිනිස්සු මරාගෙන කාල, දැන් එනව රිදෙනව කියන්න.මුන්ට ගහන්න ඕන අසූචි
වර්ජන කරන්නේ රටට බදු ගෙවන්න බැහැ කියලා. එතකොට රජයට බදු ගෙවලා දොස්ත්රලා කරපු අපිට ඒ හිලව්වට වැඩ ගන්න අයිතියක් නැද්ද? ජනතාව බදු නොගේව්වා නිදහස් අද්‍යාපනය කීදෙනෙක් දොස්තරලා වෙනවාද?
මොන වැඩද මේ.
ඕගොල්ලෝ නෙවෙයි හරිනම් වර්ජනය කරන්න ඕනි පුද්ගලික අංශයේ මිනිස්සු.