(සුජිත් හේවාජුලිගේ )
යුදහමුදාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා කොළඹ විහාර මහා දේවී උද්‍යානය සහ දියත උයනද යොදා ගැනීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණ වැඩපිළිවෙල හෙට (15)සිට අරඹන බවත් ඒ සඳහා එහි වෙනම ස්ථානයක් පිළියෙල කරන බවත් ඔහු සඳහන් කළේය.
දියත උයනේ එම කටයුතු සිදු කරනුයේ එහි වෙළෙඳාම් කටයුතුවලට බාධා ඇති නොවන ආකාරයට යැයද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
විහාර මහා දේවී උද්‍යානයේ සතියේ දින පහේම එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා මේ වැඩපිළිවෙළ හරහා කොළඹ නගරයේ එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කරන බවද පැවසුවේය.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා තවත් එන්නත් තොග විශාල වශයෙන් ඉදිරි දිනවල ලැබීමට නියමිතව ඇති බවත් ඒ සියලුම එන්නත් රටපුරා ජනතාවට කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
සියලුම හමුදා වෛද්‍ය අංශ ඒ සඳහා සූදානම්ව සිටින බවද හමුදාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදිහටම බලලා පොඩ්ඩ ඇත්නම් වැඩ නවත්වන අනික් තැන් වලටත් කට්ටිය පුහුණු කළා නම් රට බලන් ඉද්දී ගොඩ යනවා. මොකද ඒ සමහරු හිතන්නේ මාසික වැටුප ගෙවන්නේ වැඩේට එනවට, වැඩ කරන්න නම් වෙනම දීමනාවක් ගෙවන්න ඕනේ කියලනේ...
කොළඹ රස්සා කරන 30 ට අඩු අයටත් දෙන්න .ඔවුන් ආර්ථිකයට ලොකු දායකත්වයක් කරනවා ,ඔවුන්ගේ ආරක්ෂාවද සැකසිය යුතුයි.