(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ සුමතිපාල දියගහගේ)
ගාල්ල විද්‍යාලයක ප්‍රාථමික අංශයේ ගේට්ටුවේ ආරක්ෂාවට යොදා සිටි යුද හමුදා භටයකු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව අක්මීමණ පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා සිය දරුවා අසනීප වී යැයි පාසලෙන් ලැබුණූ දුරකථන ඇමතුමක් අනුව පාසලට පැමිණි අයකු බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ තැනැත්තා විද්‍යාලය තුළට අනවසරයෙන් යාමට සැරසීමේදි ඊට හමුදා සෙබළා විරුද්ධ වී ඇත.
ඔහු හමුදා භටයාගේ අණ නොතකා පාසලට ඇතුළු වීමට යන අවස්ථාවේදී සෙබළා විසින් වෙඩි තබා ඇති බව මූලික පරික්ෂණයේදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හමුදා සෙබළා අත් අඩංගුවට ගෙන ඇත. අක්මීමණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



( ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි නීතිය යටතේ හමුදා නිලධාරියාගේ අණ නොතකා ඉස්කෝලේ ඇතුළට යන්න හැදූ මිනිහා වැළැක්වීමටයි හමුදාවෙන් දමා තිබෙන්නේ... මොකද රණවිරුවා අත්අඩංගුවට ගත්තේ... එහෙම වුණාම රණවිරුවන් කොහොමද පාසල් ආරක්ෂා කරන්නේ?
මෝඩ පුද්ගලයින් නිසා හොඳ වැඩපිළිවෙලක් කඩාකප්පල්වීම සලකා බැලිය යුතු කරුණක්...
දැන් ඇමතිලට නින්ද යයි, ළමයට තාත්තෙක් නැති කරපු එකට
මේ වගේ අවස්ථාවකදී පාසලට ඇතුල්වෙන ක්‍රමයක් තියෙනවා, ඒ විදිහට ගියානම් මෙය වලක්වගන්න තිබුනා. හමුදා සෙබලාට දොස් පවරන්න බැහැ. ඔහු තම රාජකාරිය අකුරටම ඉස්ටකලා. මෙහි අනිත් පැත්ත උනානම්, ඒ කියන්නේ ත්‍රස්තවාදියෙක් පාසලට ඇතුළු උනානම්, ළමයි කීදෙනෙක් අනතුරේද.
භීෂණය කවදා අපේ රටින් තුරන් වේද යනු සැකයි.
ත්‍රස්තවාදය දැක දැක ඇස් පියාගෙන හිටි අයත් අත්අඩංගුවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණින් කටයුතු කළ අයත් අත්අඩංගුවේ. මහා පුදුම රටක අපි ඉන්නේ...
මියගිය පුද්ගලයා සිය දරුවා අසනීප වී යැයි පාසලෙන් ලැබුණු දුරකථන ඇමතුමක් අනුව පාසලට පැමිණි අයකු නම් ඇයි පාසලෙන් ඒ බව එහි පාසල් ආරක්ෂක අංශ වෙතත් තොරතුරු ලබා දී නැතිද?
රාජකාරිය අකුරටම කරලා වගේ. පොඩ්ඩක් කල්පනා කරන්න තිබුනනේ.
දෙමව්පියන් ළමයි පාසල් එවන එකක් නැහැ. අනෙක වෙඩිතියන්න ඕන දණහිසෙන් පහළට නේද? මෙය වෙඩි තියලා තියෙන්නේ අමාරු තැනකට.. නැත්නම් මැරෙන්නේ නැහැ...
සම්පූර්ණ වැරැද්ද පාසලේ, පාසල් කාලය තුළ බාහිර පුද්ගලයන් පාසලට කැඳවන්නේ නම් ඒ පිළිබඳව ආරක්ෂාවට සිටින්නන් දැනුවත් කිරීම පාසලේ වගකිමයි.
විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලට ඇතුළු වීමට ගිය මෙම පුද්ගලයා නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර ඇති අතර, එහිදී යුද හමුදා නිලධාරියාට බාධා කරමින් ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේ දී එය මැඩ පැවැත්වීමට යෑමේදී මෙම පුද්ගලයාට වෙඩි වැදී ඇත. කෝකද ඇත්ත?
අහෝ කනගාටුදායක පුවතක්. ඉක්මන කෙටිය ඉවසීම වටින්නේය.
බොරු වැලපීම් දෝෂාරෝපණ අවුල් ඇතිවෙන කතා කියන්න එපා. බලෙන් පාසැලට ඇතුල් වීමට උත්සාහ කළ නිසා වෙඩි තැබීමත් සාධාරණයි. මරණයක් සිදුවී ඇති වී නිසා මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා සෙබලා අත්අඩංගුවට ගැනීමත් නීත්‍යානුකූලයි. නොදන්නවා නම් තේරුම්ගන්න මේ යුදමය අවස්ථාවක් හෝ යුධ භුමියක් හෝ නොවෙයි. සෙබලා තමාට නියමිත රාජකාරිය ඉටුකරලා තියනවා.
තිබෙන තත්වය අනුව අනවශ්‍ය වෙඩි කෑම් වලක්වාගන්න නම් කල යුත්තෙ මාරන්තික බව අඩු ස්ටන් ගන්, පෙපර් ස්ප්‍රේ වැනි උපකරනත් ආරක්ශක අංශ වලට ලබා දීමය. එවැන්නක් කරන්න බලධාරීන්ට මොලේ පහල වේවායි පතා ශෙයා කරමු.
පාසැල් බලධාරීන්ට, දැනුවත් කරන්න තිබුණා. දරුවෙක් අසනීප නිසා ගෙවල්වලට දැනුම් දුන් බව... අදාළ දරුවාගේ භාරකරයින්ව හැඳුනුම්පත පරීක්ෂා කර හෝ , පාසලේ ගුරු භවතෙක් ලවා හෝ දැනුවත් කරවීමට. මෙවැනි සුළු දෙයක්වත් කරගන්න බැරි අය තමයි, ළමයින්ට මග පෙන්වන්නේ... පුදුමවෙන්න දෙයකුත් නැහැ. ඉතින් මේක ලංකාවනේ...
මරාගෙන මැරෙන බෝම්බ තර්ජන තියෙද්දි අහසට, කකුලට වෙඩි තියන එක ප්‍රායෝගිකද? ඒ නිසා ආරක්ෂක අංශවල නියෝග පිළිපදින්න.
පාසැල වැරදියි. අපරාදේ ජීවිතයක් නැතිවුණේ.. කවුද මේවට වගකියන්නේ..? දෙමව්පියෝ පාසල ළඟ වෙනදා වගේ හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ. වෙඩි තියන විදිය ඒ අයට කියලා දීලා නැත්ද? හරිම අපරාදයක්. දරුවා අසනීප බව කිව්වම දෙමව්පියෝ කලබල වෙනවා.
පව් ඉතින් ඒ ළමයා කොහොමද තාත්තගේ මිනිය දිහා බලන් ඉන්න ඇත්තේ...? පියාගේ දරු සෙනෙහස නිසා කලබලෙන් ඇතුල් වෙන්න ඇති. එ්ත් ඉතින් හමුදාවට දොස් කියන්න බැහැ. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරලා තියෙනවා. මේවට වගකිවයුත්තේ මේ නපුන්සක ආණ්ඩුව.. ඉස්ලාම් අන්තවාදීන් හුරතල් කරපු හින්දා. දැනුත් කරන්නේ ඒ දේම තමයි.
අැයි හමුදා සෙබලා අත් අඩංගුවට ගත්තේ? ඔහු කලේ ඔහුගේ රාජකාරිය නොවේද?
මෙහි තිබෙන ප්‍රතිචාර දිහා බැලුවම මට හිතෙනවා දැන් හමුදාව පාසල් වලින් අයින් කළා නම් හොඳයි කියලා... අායෙත් ඕනෑකරන දවසක් ඉක්මනට එ්වි. ඉන් පස්සේ...
කණගාටුයි.. එ්ත් සාධාරණ වෙඩි තැබීමක්.. " අපේ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින නිසා..."
මෙතනදී ආව පුද්ගලයා සහ පාසැල කියන දෙකම වැරදියි. පාසැලේ දරුවෙක් අසනීප නිසා දෙමාපියන් දැනුවත් කර ඇති නිසා ඒබව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතුව තිබුණා. එසේම ආව පුද්ගලයාට තමන් ආවේ ඇයිද කුමන හේතුවකටද යන්න ආරක්ෂක අංශයට දන්වන්න තිබුණා. වැරදිලාවත් ත්‍රස්තයෙක් ඔය විදියට ආවා නම් යුද සෙබලා මෙලෙස නොකරන්නද?
වීරසිංහ කීවාවගේ සම්පුර්ණ වගකීම පාසල් පරිපාලනයේ නොසැලකිලිමත්කමයි. ළමයෙකුට අසනීපවීම ස්වාභාවිකයි. ගෙදරට දැනුම් දීලා පාසලේ ආරක්ෂක නිලදාරියාට දැනුම් දුන්නානම් ? හමුදා නිලදාරියා ඔහුගේ රාජකාරිය නොකර හැර යම්කිසි අකටයුත්තක් වූවානම්? හැමෝම දන්නවනේ කාගෙවත් නොසැලකිලිමත්කම හින්දා රාජ්‍ය පරිපාලනයේ නිලධාරීන් දෙදෙනෙක් ලඟදි රිමාන්ඩ් භාරයට පත්වෙච්ච විත්තිය.
මෙහි සඳහන් පියාට නිවන් සැප ලැබේවා. දරුකැක්කුම ඉහවහාගිය පියාට පාසැලෙන් ලැබුන ඇමතුමට පාසැලට පැමිණිවිට ඇතුලට යන්න නොදුන්විට දැඩි ආවේගයෙන් ඇතුල්වන්න ඇති එය තමා දරුකැක්කුම කියන්නේ. අතේ කිසිවක් නැති මොහු සෙබලා විසින් පරීක්ෂා කරන්නත් ඇතිනේ. නැතත් පාසැලතුල වැඩි වගකීමක් ඇත්තේ පාසැලේ මුරුකරුට නිසා මුරකරුද මෙම මරණයට වගකිව යුතුවෙනවා. මෙය ආරක්ෂාවට හමුදා සෙබලෙකු ලෙසට රොබෝවක් තැබීමේ විපාකයක් කියලත් කියන්න පුළුවන්
වඳුරෙක්ටනේ දැලි පිහිය දීලා තියෙන්නේ ....
මම මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් නම් මමත් යන්නේ ළමයට අසනීපයි කියලා තමයි. එතකොට මටත් යන්න දෙනවද ? තාත්තට එක ළමයෙක් උනාට ඉස්කෝලෙම ගත්තොත් ළමයි ගොඩක් අනතුරේ. ඒක හින්දා ඒ ආරක්ෂක අංශ වලට සහයෝගය දෙන එක වැදගත්.
සෙබලුන් කරන්නෙ පවරපු රාජකාරියක්. ඔවුන්ට උපදෙස් දී ඇති පරිදි ඔවුන් ක්‍රියාත්මක වෙනවා. පියෙක් දරුවෙක්ට අසනීප වුනාම කලබල වෙනවා. නමුත් පියා සෙබලාගේ රාජකාරියට බාධා කිරීම අනූමත කරන්න බෑ. මේ විදියට ත්‍රස්තවාදීනුත් ඇතුලු වෙන්න පුලුවන්. හමුදා සෙබලට වැරැද්දක් කියන්න බෑ. අසනීප දරුවෙක්ගෙ පියෙක් එන බව ගේට්ටුවට දන්නලා තියන්න ඕනි. අත පසුවීම කරලා තියෙන්නෙ එතන. හමුදා සෙබල මේ විදියට සානුකම්පිතව හිතලා අනේ ළමයෙක්ගෙ තාත්ත කියලා ත්‍රස්තවාදියෙක් වැරදිලා ඇතුලු කරා නම් ඔය දැන් සෙබලට දොස් කියන උදවිය මොකද කියන්නේ.
දැන්වත් හමුදාව පැත්තකට කරන්න. රටේ යුද්ධයක් නැහැ නේ.
පියාට තිබුනේ පන්තිය භාර ගුරුවරයා හරි එතනට ගෙනල්ලා පාසලට ඇතුල් වෙන්න. එහෙම දෙයක් කරානම් අද මෙහෙම දෙයක් සිද්ධ වෙන්නැ
මේ මුස්ලිම් අන්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසු හමුදාව අතින් මහජන ආරක්ෂාව සදහා සිදු කල දෙවැනි වෙඩි තැබීම, අවස්ථා දෙකේදීම සිංහල පියවරු දෙදෙනෙක් මිය ගියා කුමන හෝ තත්ත්ව යටතේ. හමුදා සහෝදරයිනි මදකට හිතන්න ගිනි අවිය පත්තු කරන්න කලින්
අපේ රටේ මිනිස්සු ඉගෙනගන්න ඕනේ.. නීතිය ඉදිරියෙහි .. " නවතිනු " කිව්වහම නවතින්න .!
මේ සිද්දිය ගාල්ලේ විද්‍යාලෝකේද? මානවිල ස්කෝලේද?
හදිසි නීතිය යටතේ හමුදා නිලධාරියාගේ අණ නොතකා පාසැල්වලට ඇතුල්වීමට යන්න හැදූ මිනිහා වැළැක්වීමටයි හමුදාවෙන් දමා තිබෙන්නේ... මොකද රණවිරුවා අත්අඩංගුවට ගත්තේ...? එහෙම වුණාම රණවිරුවන් කොහොමද පාසල් ආරක්ෂා කරන්නේ? අනෙක මේ ගිය පුද්ගලයා ත්‍රස්තවාදියෙක් වුණානම් එදාටත් මේ රණවිරුවා අත්අඩංගුවට ගන්නවා නීතිය හරියට කලේ නැහැ කියලා.. පාසලේ ප්‍රධානියා හෝ ගුරුභවතෙකු කෙනෙකුට අවේලාවේ පාසලට එන්න කීවා නම් ඒ බව පාසලේ මුරකරුට හෝ හමුදා නිලධාරියට අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතුයි. තවද ඔහුට එන්න කීවානම් ඇතුලට යන්න අවසර නැත්නම් දුරකථනයෙන් අදාල ගුරුවරයාට හෝ විදුහල්පතිට කතාකර මෙය නිරාකරණය කර ගත යුතුය. නැතිව බලෙන් පාසලට ඇතුල්වීමට කිසිවෙකුට අවසර නැත. මේ හමුදා සෙබලා කර ඇත්තේ තමන්ට අදාල රාජ කාරියයි. වහාම මේ සෙබලා නිදහස් කර ගැටලුව නිරාකරණය කරන්න. නැතිනම් හමුදාව පාසල්වලට නොයොදා දෙමාපියන්ට පාසල් රැකගන්න කියන්න. රණවිරුවන් එකඑකාට ඕනේ විදිහට හසුරුවන්න දෙන්න... අත්අඩංගුවට ගන්න දෙන්න බැහැ.
මනුෂ්‍ය ජීවිතයක් අහිමි වීම ගැන කණගාටුයි. නමුත් පාසල් ප්‍රධානින් මේ පිළිබඳව ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර තිබුණා නම් මෙම මරණය නවත්වා ගැනීමට ඉඩ තිබුණා. තමන්ගේ දරුවා අසනීප බව දැනගත් විට ඕනෙම දෙමාපියෙක් කලබල වී පාසල වෙත පැමිණෙන බව අප කවුරුත් දන්නා කරුණක්... නමුත් හදිසි නීතිය ක්‍රියාත්මක වන මෙවන් අවස්ථාවක මෙම හමුදා නිලදාරියා වෙන කුමක් කරන්නද? ඔහුගේ රාජකාරිය පාසල් දරුවන් ආරක්ෂා කිරීමයි. ත්‍රස්තවාදය කුමන අවස්ථාවේ, කුමන ආකාරයකට පැමිණෙන්නේදැයි කිව නොහැක. යුද හමුදා නිලධාරියා රාජකාරිය අකුරටම ඉටුකර ඇත. නමුත් මරණය වූ පවුලට සාධාරණයක් ඉටුකර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කර දීම රජයේ වගකීමකි. නමුත් අහිමි වූ පිය සෙනෙහස දරුවට යළි ලබාදිය හැකිද? නොසැලකිලිමත් වූ පාසල් කාර්යමණ්ඩලය ගැන සොයාබැලිය යුතුයි.
මේ සිදුවන සියලුම මරණවලට වගකිවයුත්තේ එදා අන්තවාදීන් බෝම්බ පුපුරවලා රටේ ජන සමගිය විනාශ කරපු ජාතියේ අය... මොකද ඔවුන් කිසිවිට දැනෙන ලෙස ඔය වහබ් වාදයට විරුද්ධ වුණේ නැහැ. ඔවුන්ගේ ඇමතිලත් එහෙමයි.. නමුත් මැරෙන්නේ සිංහල දෙමව්පියෝ, අසරණ වෙන්නේ සිංහල දරු පවුල්, බැනුම් අහන්නේ ආරක්ෂක අංශ, අදාළ අය නිදැල්ලේ සතුටින් ඉන්නවා..
මෙතැනදී හමුදා සෙබලා සීමාව ඉක්මවා ඇති බව හොඳින් පේනවා. ඔහුට ඒ තාත්තව නවත්තන්න තිබුණා වෙඩි නොතියා. තමන්ගේ දරුවා අසනීපෙන් කියූ එකවත් සලකන්න තිබුණා. අපරාදේ ජීවිතයක්. දරුවෙකුට තාත්තා කෙනෙක් නැතිවුණා. සුළු දෙයකට ගත්තු කේන්තිය නිසා...
හමුදා සෙබළාට වැරැද්දක් කියන්නේ කොහොමද? එයා කෙරේ එයාගේ රාජකාරිය... දරුවා ලෙඩ වෙලා කියලා වෙන කෙනෙක් ආවා නම් බොරු කියාගෙන. එතකොට ඔහොම කතා කියන එකක් නෑ...
මේ අනවශ්‍ය පාසල් තුවක්කු ආරක්ෂාව නතරකරමු
මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් නැවැත්වීම තනි සෙබලෙකුට කිරීම අපහසු කාර්යයක්. බලාගෙන ගියාම මරුවා ත්‍රස්ථවාදී වෙසින් හෝ හමුදා වෙසින් පැමිණිය හැකියි.
හොඳයි මේ වෙඩි කා මියගිය මනුස්සයා ඇත්තටම බෝම්බ කරුවෙක් කියමු. එයාව එවුවේ කවුද, කොහෙදිද බෝම්බය හැදුවේ, කොහෙටද තව ඒ වගේ අය පිටත් කළේ...? ආදී වශයෙන් දැනගත යුතු දේවල් තිබුණානම් දැන් ඒ සේරම ඉවරයි. වෙඩි තැබිය යුතුම නම් ලඟ ඉන්න මිනිහෙකුට අඩපණ කොට අත්අඩංගුවට ගත හැකි විදියට තියන්න හමුදා භටයකුට පුහුණුවක් ඇති කියලයි මං හිතා හිටියේ... හමුදා ආණ්ඩු ඉල්ලන අපේ කට්ටිය මීට පස්සේ ඉස්කෝල පැත්තෙ යන්නේ පරිස්සමින් හොඳේ..
කවුරු නමුත් පවතින වාතාවරණය තුළ අවධියෙන් කටයුතු කළයුතුයි. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධව... ගාල කඩා ගත්තා වගේ අපේ මිනිස්සුත් ඔහේ දුවනවා හයක් හතරක් නොතේරෙනවා වගේ. මෙතන නොසැලිකිලිමත්කම අර සෙබලාට වඩා මේ වෙඩි කෑ පුද්ගලයාගේ වෙන්න පුළුවන්. නැතුව ඉතින් පාරේ යන හැමඑකාටම පත්තු කරන්න බැරිය මේ සෙබලාගේ මොලේ අමාරුවක් තිබ්බා නම්. පහුගිය දවස්වල හැඳලා හුනුපිටියෙත් මනුස්සයෙක් වෙඩි කාලා නිරපරාදේ මැරුණා මතකයි... හමුදා අණ නොතකා වාහනය පැදවීමෙන්. කවුරු වුණත් නීතිය පිළිපැදිය යුතුයි.
හමුදා සෙබලකු ඌවාට ඔහුට නිසි පුහුණුව ලැබී නැතුව ඇති, අවි ආයුධ වලින් සන්නද්ධ සෙබලාට, එම අවස්ථාවේ අවම බලය යොදවන්න තිබුණා.. දරුවාට අසනීප නිසා එම පියා, තරමක් ආවේගශීලී වෙන්න ඇති. මෑත කාලයේ උතුරේ මිනිසුන්ගෙන් දැඩිලෙස පීඩාවිඳි අපේම සොහොයුරන්ගෙන් දකුණේදී මෙවැනි වරදක් වීම කණගාටුවට කරුණකි.. මෙවැනි අවස්ථාවකදී, වෙඩිතැබීමකින් තොරව, ගිනි අවියේ මැගසිනය, බඳකොටස හෝ බට කොටස භාවිතාකර ඔහුව මෙල්ල කිරීමට හෝ වෙඩි තැබීමට සිදුවන්නේ නම් අවම හානියක් වන අන්දමට වෙඩි තැබීමට සිදුකළ යුතුය..
කාරණය කෙසේවෙතත් මොන අඩුපාඩු වුණත් හමුදා පාලනයක් ඉල්ලා ගත්තාම කොහොම වෙයිද කියලා හිතාගන්න අවස්ථාවක්..
හමුදාව කියන්නේ හමුදාවට... බබාලට නෙවේ. හුරතල් කරන්න වෙලාවක් නෑ. නීතිය අකුරටම කරනවා. මනුස්සකම කියන්නේ නීතියට පිටින් වේද කරන එකද? ලංකාවට වෙලා තියෙන්නේ බොරු අනුකම්පාව... මිනිහෙක් අමාරුවේ වැටුණාම අඬනවා. උදව් කරන්නේ නැහැ. මෙහෙම කරපුවම මිනිස්සු හරියට හැදෙයි. මට එකක් කියන්න පුළුවන් අායෙත් නම් ගම්වල ඉන්න කොල්ලෝ හමුදාවට වැඩිය බැඳෙන්න එන එකක් නැහැ. රට වෙනුවෙන් කියලා. මොකද දන්නවට හමුදාව ඇතුලේ කරන බොරු වැඩවලට. මේකත් එක්තරා වහල් ජොබ් එකක් නිසා...
වැරැද්ද හමුදා සෙබලාගේ. එ්කට ප්‍රධානම හේතුව දැන් රාජකාරියේ යොදවලා ඉන්නේ යුද්ධයෙන් පස්සෙ බඳවා ගත් සෙබලුන්. හමුදාව ගැන අවබෝධයක් තිබෙන අය දන්නවා. කනිෂ්ඨ සෙබලුන් තමා සාමාන්‍ය අාරක්ෂක රාජකාරියට යොදවන්නේ. හැම විටම අවි දරණ සෙබලෙක් සාමාන්‍ය පුද්ගලයින්ගෙන් අඩි 03ක් වත් අෑතින් ඉන්න ඕනෑ. බලහත්කාරයෙන් ඊට වඩා ලං වෙනවා නම් අවම බලය යොදවන්න ඕනෑ. එ් කියන්නේ බූට් දමපු කකුලෙන් හොඳ පා පහරක් වගේ. අනික සාමාන්‍ය ජනතාව අතර අවිය තබා ගන්න ඕන ලෝඩ් කරන්නේ නැතුව. මොන දේ කීවත් සෙබලාට දඬුවම අනිවාර්යයි. කණගාටුයි. එ්ත් අැත්ත එ්කම තමයි.
මිය ගිය පුද්ගලයාගේ දියණිය කියා සිටියේ වෙඩි වැදීමෙන් පසු පියා තම දෙපා මුල වැටුනු බවයි.
මෙතන විවේක බුද්ධියෙන් අදහස් දාන අය ඔය අවස්ථාවට මූන දුන්නා නම් ඔහොම කියන්න නැති වෙයි. ත්‍රස්තවාදියා එන්නෙ පුහුණුවීම් කරලා නෙවෙයි. එදා දවසේ තව කොච්චර දෙමාපියො ඉස්කොලේට යන්න ඇද්ද? මෝඩ මනුෂ්‍යයෙක් හින්දා එයත් මැරිලා රාජකාරිය කල කෙනෙකුත් අමාරුවෙ. පරික්ශා කරන්න කලින් ඉස්කොලේ ගිහින් එයා මොකද කරන්නෙ. ගොඩක් අමාරුයි නම් ඉස්කොලේන්ම හොස්ටල් යවලානෙ. අපිටත් දරුවො ඉන්නවා. රටේ වාතාවරණය දැනගෙන ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ. බෝම්බ ගැන කිසිම දෙයක් දන්නෙ නැති මිනිස්සු පාසලේ බැග් පරික්ෂ කරන්න දානවා. අපි තේරුම් ගන්න ඕනෙ මේ ත්‍රස්තවාදය වෙනස් එකක් කියලා.. එක්කො මිනිස්සු නීති ගරුක වෙන්න ඔනෙ. නැතිනම් ආරක්ෂක අංශ අයින් කරලා වෙන දෙයක් ගන්න ඔනෙ...
ඕනෙම දෙමව්පියෙක් තමන්ගේ දරුවා අසනීප වූ බව දැනගත් කළ කලබල වීම ස්වභාවිකයි. මේ මානුෂීය හැසිරීම නොදත් කෙනෙකුට ගිනිඅවි අතට දීම බරපතල වරදක්... මා සිතන්නේ දැන් ලංකාවේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වය කියන ගුණාංගය බොහෝ දුරට ගිලිහී ගොස් ඇති බවයි. දැන්වත් පාසල් ගේට්ටු අසල ළමයෙකුගේ භාරකාරයෙකුට පැමිණ කතා කල හැකි පාසලේ සේවකයෙකු රඳවා තැබීමට රටේ සියලු පාසල් පියවර ගනු ඇතැයි සිතමි. ගිනි අවි ළඟ තබාගෙන ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ට නිකරුනේ වෙඩි තැබීමට නොවන බව සියලු ආරක්ෂක අංශ සාමාජිකයින් හට දැනුම් දිය යුතුයි...
මෙතන බහින්බස් වීමක් වෙලා තියෙනවා. ඉන් පසුයි වෙඩිතැබීම වෙලා තියෙන්නේ. මියගිය පුද්ගලයා හිටපු නාවික හමුදා සෙබලෙක්. ක්ෂණිකව ඇති වු කෝපය
මෙම වෙඩි තැබීම හදිසි නීතිය යටතේ කළා නම් දහසක් රජයේ සේවකයන් හා පුද්ගලික අංශයේ සේවකයන් අපහසුතාවයට පත් කරමින් කළ දුම්රිය වර්ජනයට හදිසි නීතිය යටතේ ගන්නා ලද පියවර කුමක්ද?
රටේ තියෙන වතාවරණය දැනගෙනත් තියෙන නීතිය දැනගෙනත් වැඩකරන මිනිස්සුන්ට දෙන්න ඕනෑ දඬුවම මොකද්ද හමුදාවමද වැරදි...? ලංකාවේ කොන්ද පණ තියෙන මනුස්සයෙක්ට පුළුවන්ද සෙබලාට දඬුවම අනිවාර්යයි කියන්න... සෙබලා ආරක්ෂා කලේ තමන්ගේ ගෙදරද?
අපි කවුරුත් රටට ගරු කරන්න ඕනේ, රට වෙනුවෙන් කැප වෙන්න ඕනේ..
අහිංසක පියෙකුට වෙඩිතැබූ සොල්දාදුවෙක් රණවිරුවෙක් වෙන්නේ කොහොමද? රණවිරුවා කියන්නේ යුද්ධයකින් ජයගත් සෙබළෙකුට...