IMG-LOGO

හමුදා ප්‍රවීනයන් දෙදෙනකුගේ බිරින්දෑවරුනට උපහාර

(ඉන්දිකා රාමනායක)

දේශප්‍රේමිත්වයෙන් යුත් යුද හමුදා ප්‍රවීනයන් ලෙස ජාතියේ ප්‍රසංශාවල හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න රණවිරුවාන්ගේ බිරින්දෑවරුනට ගෞරව බුහුමන් දැක්වීමේ අවස්ථාවක් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

යුද හමුදාපත් ලුතිනන් ජෙනරාල්  විකුම් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ලලී කොබ්බෑකඩුව සහ මානෙල් විමලරත්න යන මහත්මීහු සහභාගී වූහ.

යුද හමුදාවේ ආරාධනාව පිළිගෙන යුද හමුදා මුලස්ථාන පරිශ්‍රය වෙත පැමිණ ලලී කොම්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න යන මහත්මීන් යුද හමුදාපතිවරයා දෙපා නැමැද පිළිගත්තේය.

යුද හමුදා ඉතිහාසය‍ෙ හමුදාපතිවරයකු ගෞරව බුහුමන් පුද කළ ප්‍රථම අවස්ථාව මෙය බව හමුදා හමුදාව පවසයි.

යුද හමුදාධිපති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම උත්සවයට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකි ලියනගේ මහත්මිය ද සහභාගී වූවාය. 

යුද්ධ හමුදා සේවා වනිතා ඒකක සංවිධානය කර තිබු, අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙත ජුකී යන්ත්‍ර සහ පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් වෙනුවෙන් ද ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න මහත්මිය වෙත ආරාධනා කරනු ලැබිණි



අදහස් (14)

හමුදා ප්‍රවීනයන් දෙදෙනකුගේ බිරින්දෑවරුනට උපහාර

Champika Friday, 28 April 2023 02:27 PM

අභිමානවත්, ශ්‍රේෂ්ඨ වැඩක්... ඔබට තෙරුවන් සරණයි. බිරින්දෑවරුන්ට අපගේ උත්තමාචාරය හිමිවිය යුතුයි. විරුවන් දෙපළට අපගේ හදපිරි ගෞරවය...

:       3       94

නිහාල් පීරිස් Friday, 28 April 2023 02:50 PM

මොනවා උනත් හමුදාපති තුමා නියම මහත්මයෙක් හිටපු උන් වාගේ නොවෙයි ඔබ තුමාට අපේ උපහාරය

:       3       74

Nimal GFriday, 28 April 2023 07:01 PM

ෆොන්සේකා මහත්තයා මේ වගේ දෙයක් කරලා තියෙනවද?

:       17       20

ravin Friday, 28 April 2023 03:30 PM

ඉතිහාසයේදී කළ යුතුව තිබුණු දෙයක්... එදා මෙම විරුවන් දිවිපිදුවේ අද ජීවත්වන අපේ සුභ විහරණය සඳහා නොවේද?

:       1       57

Nandana senevirathna Friday, 28 April 2023 04:12 PM

නියම වැඩක්...!

:       1       29

ලංකාපුත්‍ර Friday, 28 April 2023 04:57 PM

හමුදාපතිතුමාට අපගේ ගෞරවනීය ආචාරය පුදකරන අතර උත්තමාචාර ලැබූ මැතිණියන් දෙදෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබී චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවායි පතමු...

:       1       43

Janaka Friday, 28 April 2023 06:12 PM

ඉතා විශිෂ්ටයි. කියන්න වචන මදි. උත්තම පුරුෂයෙක්... සියලු පදක්කම්වලට වඩා වටිනාම පදක්කම අද ඔබට ලැබුණා.

:       1       38

Buddika Friday, 28 April 2023 07:07 PM

ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවක්... පිදිය යුත්තන් පිදීම උතුම් ලක්ෂණයක්.. ඒ විරුවන් දිවිදුන්නේ මේ රට වෙනුවෙන්...

:       1       30

පරක්‍රම ගිරිහාගම Friday, 28 April 2023 07:21 PM

ඉතාමත් ආදර්ශමත් ක්‍රියාවක්... ඔබතුමන්ලාට අපගේ ආචාරය..!

:       1       27

O/67041 Capt RRA Senarathna Friday, 28 April 2023 10:49 PM

මාගේ යුදහමුදා සේවා කාලය වසර 31 යි.. දැන් මම විශ්‍රාමිකයි. මම දුටු උතුම් සම්මාන පිරිනැමීම සිදුකර ඇත්තේ මෙවරයි. මේ සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ යුදහමුදාපති ඇතුළු සියලු දෙනාටම මාගේ ගෞරවය පුදකරමි. කොබ්බෑකඩුව මැතිණියට සහ විමලරත්න මැතිණියට නිදුක් නිරෝගී දිර්ඝායු ජිවිතයක් ලැබේවායි පතමි.

:       0       11

සමීර Saturday, 29 April 2023 09:07 AM

මෙවැනි උපහාර උත්සව සංවිධානය කළ සියලුම දෙනාට අපගේ උපහාරය...

:       1       13

කුසුම් දල්පදාදු Saturday, 29 April 2023 10:33 AM

උතුම් සත්ක්‍රියාවක්. හමුදාපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයට ප්‍රණාමය.

:       2       10

Chrisanthus Saturday, 29 April 2023 02:21 PM

හොඳ වැඩක්... බෙහෙවින්ම අගය කරනවා.

:       0       7

M.A.P.kumara perera Sunday, 30 April 2023 12:21 AM

සිදුවිය යුතු දෙයක් ලිලී කොබ්බෑකඩුව මැතිණිය ඉස්සර සර් අතේ අපිට රස කැවිලි එවනවා... අතීතය මතකයි තාම...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site