(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට අද රාත්‍රියේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි හෝමාගම පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි පහර එල්ල කර ඇත.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදු වී නැති අතර වාහන දෙකට අලාභ සිදු වී ඇත.

වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැත.

හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.