(ජයන්ත සමරකෝන්)
හිමිකරුවන් නොමැති ජාතික හැඳුනුම්පත් හා රියදුරු බලපත් ඇතුළු වෙනත් හැඳුනුම්පත් තැපැල් කාර්යාලවලින් බාහිර පුද්ගලයන් වෙත බාරදීම තහනම් කිරීමේ චක්‍රලේඛයක් තැපැල් මූලස්ථානය නිකුත් කර තිබේ.
මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් ඒවා ලබාගෙන විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් හි යෙදෙන බවට ලැබී ඇති තොරතරු මත මෙම පියවර ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
තැපැල් කාර්යාලවල රඳවාගෙන ඇති එවැනි හැඳුනුම්පත් ලේඛනගත කර මසකට වරක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන වෙත යොමුකළ යුත බවට දැනුම්දුන් බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd