
(ක.ග.කරුණාරත්න)
හබරණ, හුරුළු පාරිසරික වනෝද්‍යානයේ තලපත්කන්ද කොටසේ හටගත් ගින්නකින් අක්කර 20ක් පමණ ප්‍රමාණයක් දැවීගොස් ඇතැයි ඇතැයි හබරණ පොලීසිය කියයි.
පොලීසිය සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේතුව එක්ව ගින්න නිවා දමා තිබේ. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණයවී නැතැයි පොලීසිය පැවැසීය.
තෘණ වර්ග සහ කුඩා ප්‍රමාණයෙය් පැලෑටි ගින්නෙන් විනාශවී ගොස් ඇති බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පැවැසීය.
වනෝද්‍යානයේ වෙසෙන වන සතුන්ට හානි සිදුවී ඇතිබවට මෙතෙක් තොරතුරු අනාවරණවී නැතැයි එහි නිලධාරීහු කීහ.
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය සහ තද සුළං හේතුවෙන් වනාන්තරවල ගිනි ගැනීමක් ඇතිවූ විට ඉතාමත් ඉක්මනින් එය පැතිර යන බවද එම නිලධාරීහු පැවැසූහ.
හබරණ පොලීසිය සහ වන සංරක්‍ෂණ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලො බොරුනේ කියන්නේ? පොලිසිය පැත්ත පළාතකට ආවේ නෑ. ආමි එකේ කොල්ලොනෙ ගින්න නිව්වේ...