
(යොහාන් භාසුර)
වත්තල, හැඳල සිංහ ඇස් රෝහල පරිශ්‍රයට ශිෂ්‍ය සංගමයක යැයි කියන පිරිසක් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එම රෝහල් කමිටුවේ සභාපති වෛද්‍ය මැල්කම් ස්ටැනිලෝස් මහතා වත්තල පොලිසියට අද (22) පෙරවරුවේ පැමිණිල්ලක් කළේය.
භික්‍ෂූන් වහන්සේ ඇතුළු 100 ක පමණ පිරිසක් ඊයේ පෙරවරුවේ රෝහලේ ගේට්ටුවට පා පහර එල්ල කර ගේට්වුව කඩා ඇතුළුවී පැය පහකට අධික කාලයක් රෝහල් පරිශ්‍රය තුළ පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළ බවට සභාපතිවරයා පොලිසියට පැමිණිළි කර තිබේ.
එම රෝහලේ නිලධාරියෙක් පැවසුවේ එම පිරිස බලහත්කාරයෙන් ඇතුළු වී උද්ඝෝෂණය කිරීම නිසා රෝහල වසා දැමූ බවත් ඒ හේතුවෙන් සේවා අත්හිටුවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වූ බවත්ය.
වත්තල පොලිස්යෙන් මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී ස්ථානාධිපතිවරයා පැවසුවේ අදාල රෝහල පිහිටි පරිශ්‍රය බලත්කාරයෙන් ඉල්ලාගෙන සිටින බවට පවසමින් පිරිසක් රෝහලට ඇතුල්වී උද්ඝෝෂණය කළ බවට පැමිණිල්ලක් ලැබුණු බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු ගේට්ටු කඩාගෙන එනවා මිසක් උන්ට ඒවා අරගෙන එන්න තරම් දැනීමක් නැහැ.