IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොඳම දූපත් අතරින් 13 වැනි තැන අපිට

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ සංචාරය කිරීමට සුදුසු ලෝකයේ හොඳම දූපත් 50 අතරින් 13 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.මෙම ශ්‍රේණිගත කිරීම සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

කොවිඩ් වසංගතය,ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය සහ විරෝධතා හේතුවෙන් සංචාරක රේඩාරයෙන් කලක් ශ්‍රී ලංකාව ඉවත්ව සිටියත් මේ වන විට නැවත ශ්‍රී ලංකාව සංචාරක රේඩාරයට පැමිණ ඇතැයි බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හේතු 1000 ක් පෙන්වා දිය හැකි බවත් ශ්‍රී ලාංකිකයන් මිත්‍රශීලිවීම, ප්‍රණීත ආහාර තිබීම , සුන්දර වෙරළකින් වටවූ දූපතක් වීම සහ නැරඹීමට පෞරාණික ස්ථාන රාශියක් තිබීම ඉන් හේතු කිහිපයක් බව බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය බහාමාස් දූපත් වලට හිමි වී ඇති අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ටස්මේනියාවට සහ රාජා අම්පට් දූපත්වලට හිමිව තිබේ.



අදහස් (2)

හොඳම දූපත් අතරින් 13 වැනි තැන අපිට

බද්රානි Thursday, 14 September 2023 03:11 PM

ලස්සනම දූපතක් කියන එක නම් ඇස් දෙකක් තියන ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක්.. "සංචාරකයින්ට දක්වන මිත්‍ර ශීලී" බව නම් තනිකරම ගානක් කඩාගන්න කරන තක්කඩි කමක්.. තමන්ගේ රටේ මිනිස්සුන්ට වත් මහපාරේ සැනසීමෙන් ගමන් කළ නොහැකි වාතාවරණයක් පවතිද්දී සංචාරකයින්ට මුහුණ දීමට සිදුවෙන තත්වය ගැන කවර කතාද..? අනික සංචාරක තරුණ කාන්තාවකට තනිව නවාතැන් ගත හැකි තත්වයක් මේ රටේ තියනවද..? ලංකාවේ මිනිස්සු ගිය තැන අපවිත්‍ර කරලා වනසලයි එන්නේ.... දඩාවතේ යන බල්ලන්ට හා කපුටන්ට බලු කපුටු දානයක් දීලා, සංචාරයෙන්, නොමිලේම පිනුත් ලබාගෙන ගෙදර එන අමුතු විදිහේ ලෝකල් සංචාරකයෝනේ අපේ රටේ ඉන්නේ...

:       2       12

chandima Thursday, 14 September 2023 10:44 PM

ඔය තෝරපු මිනිස්සු හෝටලයෙන් පිටට ගිහින් නැතිව වගේ. ටිකක් ඈතට ගියා නම් ඔය මිත්‍රයෝ අයින් කරගෙන යන්නේ..?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site