(ජයන්ත සමරකෝන්)
සාමාන්‍ය සේවාවන් යටතේ නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත් සැකසීම, කෙටි පණිවිඩ සේවාව මගින් ජංගම දුරකතනයට දැනුම්දීමට ඉදිරියේදී පියවර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වැඩපිළිවෙළ දැනටමත් එක් දින සේවාවන් සඳහා ක්‍රියාත්මක බවද, එහි අධ්‍යක්ෂ ජනරාල් වියානි ගුණතිලක මහතා ලංකාදීපයට අද(24) පැවැසීය.
සාමාන්‍ය සේවාවන් මාසයක් ඇතුළත සිදුකිරීමට බලාපොරොත්තු වන බවද, එක් දින සේවාව පැය 4ක් ඇතුළත සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
අඩුපාඩු ගැටලු නොමැති ඉල්ලුම්පත් සඳහා මෙම කාලවේලාවන් තුළ හැඳුනුම්පත නිකුත් කරන බවද, ප්‍රමාදයට හේතුව ගැටලු සහගත ලියවිලි බවද ඔහු පැවසීය.
දැනට බත්තරමුල්ල හා ගාල්ල කාර්යාලවලින් මෙම සේවාවන් සැපයෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රමවේදයක් හදන්න අන්තර්ජාලයෙන් ලියවිලි ඉදිරිපත් කරන්න. ඒවා හරි නම් පුලුවන් අයදුම්කරුට ඇවිත් අවශ්‍ය ඉතුරුටික කරලා ගන්න.
මගේ බිරිදගේ හැදුනුම් පත හදන්න භාර දීලා දැන් අවුරුද්දකටත් කිට්ටුයි. මෙයාලගේ බයිලා විතරයි.