(අංජුල මහික වීරරත්න)

රටට අවශ්‍ය අනාගත නායකත්වය බිහිකිරීමට නම් සෞන්දර්යය හා ක්‍රීඩා අත්දැකීම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපන අවදියේ සිටම ලබාදිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අග්‍රාමාත්‍යවරිය පොල්පිතිගම ජාතික පාසලේ පැවති "පුංචි හපන්නු 2026" ප්‍රාථමික සාහිත්‍ය කුසලතා ඇගයීමේ උත්සවයට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළාය.

පොල්පිතිගම කොට්ඨාසයේ ප්‍රාථමික පාසල් 49ක සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවති "පුංචි හපන්නු 2026" භාෂා හා සාහිත්‍ය කුසලතා තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන් ඇගයීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.