(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කරඬුව ගෙන යන ජාතියේ හොඳ අලි ඉදිරියේදී මේ පැත්තට පෝලිමේ එන බව පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබෙිගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"අලිය ගන්නකොට හෙණ්ඩුවත් ගන්න ඕන.අපි අලියත් ගත්ත. හෙණ්ඩුවත් ගත්ත. තව අලි පෝලිමෙි එනවා.උඩවලවෙ ඉන්න හිඟන අලි නෙමෙයි.කරඬුව ගෙන යන ජාතියෙ හොඳ අලි ඉන්නවා.තිස්ස අත්තනායක.ඉමිතියාස් බාකීර් මාකර්, තලතා අතුකෝරල වගේ අය හොඳ අලි, ඇතින්නියෝ ඉන්නවා.හෙණ්ඩුව මෙහෙ නිසා ඒ අයත් පාලනය කරගෙන ඉන්න පුළුවන්"යනුවෙන් ද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රෝහිත අබෙිගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටත් බංකොළොත් වෙලා... මේවද කියන්න ඕනෑ කතා. මේ වගේ අයද රට නැවත ගොඩගන්නේ...? හීනයක් විතරයි.
අලියෙක් උගෙ නොදැනුවත්කමට කරඩවක් කරතියාගෙන පාරට බැස්සත් , ඔය අලියයි කරන්ඩුවයි දෙකම බොරුවක් ! මෝඩ තකතීරු අලි....
රජය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ මේ වගේ මාල හොරුද? ඔලුගෙඩි සෙල්ලමක් ගැන නේද මේ කියන්නේ…?
මේ අර කැලේට දක්කපු වල්අලිටික ගැනද කියන්නේ?
රටට කෙළවලා තව ලැජ්ජා නැතිව විකුණන සිංහලයාට කඩේ යනවා. තියන ඇමැතිකම රැකගන්න පුළුවන් තරම් වැඩකරන්නේ...
ඔය කියන එක්කෙනෙක් " අපේ ලේකම් වෙනුවට එයාලගේ ලේකම් අපි ගත්තා " කියලා රටට පෙන්වන්න ඔය පැත්තට ගන්න එකෝමත් එක කාලෙක වියදම් කරපු සල්ලි අපරාදේ කියලා දැන්වත් හිතෙන්නේ නැද්ද..?
අලි කෙසේවෙතත් තණකොළ, පුන්නක්කු කන අය නම් ඒවි...
මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකම් රටට කිසිම සෙතක් නැහැ. තොලොංචි වෙලාම යන්න.
බලාගෙන හිටු... පොහොට්ටු කාරයින්ට ගමකටවත් යන්න බැරුවයි ඉන්නේ.. ඉන්න අයටත් තව ටික කාලෙකින් යනඑන මන් නැතිවෙනවා. රටම හොරාකාලා, කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවන්... අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ... කාලකන්නි, දූෂිත, බලලෝභී පොහොට්ටු කාරයින් කරපු දේවල් නිසා...
හොඳ අලි එන්නේ පොහොට්ටුවන් පොඩි පට්ටම් කරන්නේ මයිනෝ, කපුටෝ, නන්දෙලා අලි පෙරලපු අය...!
මේ කතාව ඇහුවාම මට වැටහෙන්නේ පොහොට්ටුවට ආණ්ඩු බහුතරය තිබුණාට අලි නැටුවාට ආණ්ඩු කරන්න බැහැ කියලා.