(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කරඬුව ගෙන යන ජාතියේ හොඳ අලි ඉදිරියේදී මේ පැත්තට පෝලිමේ එන බව පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබෙිගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"අලිය ගන්නකොට හෙණ්ඩුවත් ගන්න ඕන.අපි අලියත් ගත්ත. හෙණ්ඩුවත් ගත්ත. තව අලි පෝලිමෙි එනවා.උඩවලවෙ ඉන්න හිඟන අලි නෙමෙයි.කරඬුව ගෙන යන ජාතියෙ හොඳ අලි ඉන්නවා.තිස්ස අත්තනායක.ඉමිතියාස් බාකීර් මාකර්, තලතා අතුකෝරල වගේ අය හොඳ අලි, ඇතින්නියෝ ඉන්නවා.හෙණ්ඩුව මෙහෙ නිසා ඒ අයත් පාලනය කරගෙන ඉන්න පුළුවන්"යනුවෙන් ද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රෝහිත අබෙිගුණවර්ධන මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොඳ අලි පෝලිමේ එනවා
ranjith Monday, 05 December 2022 01:56 PM
රටත් බංකොළොත් වෙලා... මේවද කියන්න ඕනෑ කතා. මේ වගේ අයද රට නැවත ගොඩගන්නේ...? හීනයක් විතරයි.
ganegoda Monday, 05 December 2022 02:04 PM
අලියෙක් උගෙ නොදැනුවත්කමට කරඩවක් කරතියාගෙන පාරට බැස්සත් , ඔය අලියයි කරන්ඩුවයි දෙකම බොරුවක් ! මෝඩ තකතීරු අලි....
පිටිගල මිලානෝ Monday, 05 December 2022 02:10 PM
රජය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ මේ වගේ මාල හොරුද? ඔලුගෙඩි සෙල්ලමක් ගැන නේද මේ කියන්නේ…?
Ruhunu Monday, 05 December 2022 02:10 PM
මේ අර කැලේට දක්කපු වල්අලිටික ගැනද කියන්නේ?
sharm warn Monday, 05 December 2022 02:22 PM
රටට කෙළවලා තව ලැජ්ජා නැතිව විකුණන සිංහලයාට කඩේ යනවා. තියන ඇමැතිකම රැකගන්න පුළුවන් තරම් වැඩකරන්නේ...
siri Monday, 05 December 2022 02:31 PM
ඔය කියන එක්කෙනෙක් " අපේ ලේකම් වෙනුවට එයාලගේ ලේකම් අපි ගත්තා " කියලා රටට පෙන්වන්න ඔය පැත්තට ගන්න එකෝමත් එක කාලෙක වියදම් කරපු සල්ලි අපරාදේ කියලා දැන්වත් හිතෙන්නේ නැද්ද..?
විපරමා Monday, 05 December 2022 03:43 PM
අලි කෙසේවෙතත් තණකොළ, පුන්නක්කු කන අය නම් ඒවි...
fairoos Monday, 05 December 2022 03:53 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකම් රටට කිසිම සෙතක් නැහැ. තොලොංචි වෙලාම යන්න.
ගමේ එකාලා Monday, 05 December 2022 04:06 PM
බලාගෙන හිටු... පොහොට්ටු කාරයින්ට ගමකටවත් යන්න බැරුවයි ඉන්නේ.. ඉන්න අයටත් තව ටික කාලෙකින් යනඑන මන් නැතිවෙනවා. රටම හොරාකාලා, කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවන්... අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ... කාලකන්නි, දූෂිත, බලලෝභී පොහොට්ටු කාරයින් කරපු දේවල් නිසා...
Nihal Monday, 05 December 2022 04:13 PM
හොඳ අලි එන්නේ පොහොට්ටුවන් පොඩි පට්ටම් කරන්නේ මයිනෝ, කපුටෝ, නන්දෙලා අලි පෙරලපු අය...!
de silva Monday, 05 December 2022 06:15 PM
මේ කතාව ඇහුවාම මට වැටහෙන්නේ පොහොට්ටුවට ආණ්ඩු බහුතරය තිබුණාට අලි නැටුවාට ආණ්ඩු කරන්න බැහැ කියලා.