
(ඩයනා උදයංගනී)
හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාවට විරුද්ධ බව එහි ආරම්භක සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
එය ජිනීවාහිදී තවත් මසකින් පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපෑ හැකි බව කී ජී.එල් පීරිස් මහතා ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවීමට ද හේතු විය හැකි බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පවතින තත්වය අනුව මහජන ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීමට පවතින සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවත්, හදිසි නීතිය පැනවීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවත් හෙතෙම කීවේය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබ ගැනත් හොන්දටම දන්නවා .ඇමතිකමක් හම්බවෙලා ආණ්ඩුවේ හිටියානම් ඔහොම කියන එකක් නැහැ. ඒ කාලේ ඉන්දලාම එහෙටයි මෙහෙටයි පැනපු කෙනා ගැන කවර කතාද?
මේ අය දන්නවා මේ රටේ මිනිස්සු අන්දන හැටි. 2019 වගේ
පොහොට්ටුව චන්දෙ නොදුන්න නම් ඔය පනත සම්මත කරගන්න බැහැ. බොරු කියා අපිව ආයිත් රවටන්න එන්න එපා. පොහොට්හොටුව හොද නතිනම් අස්වෙලා ගෙදර යන්න.
ආ...ඇත්ත නේන්නං ...පොහොට්ටුව නායකයො මතක ඇති කාලෙක හදිසි නීතිය දාලම නැහැ ...... මේ මිනිහා අද ඊයෙ ලංකාව ට ගොඩ බැහැලා තියෙන්නේ .
පොහොට්ටුවට කොහෙද තිබෙන්නෙ ප්‍රතිපත්තියක්? ප්‍රතිපතියක් තිබෙනවනම් චන්දෙට කලින් මහ බැංකු හොරා ලෙස ඔවුන් විසින්ම නම් කරන ලද රනිල්ව චන්දෙ දීල ජනපති කරගනීවිද?
එතකොට හදිසි නීතියට ඡන්දෙ දුන්නේ පාරෙ යන මිනිස්සුද? කාවද මේ රවට්ටන්න හදන්නේ? අර කුලියට අඬන්නන්ගේ සංගමයේ කට්ටිය,මේ බලන්නකො ඔයාලගේ මහාචාර්යතුමා රා කලයක් බීලාවගේ මංඤ්ඤං කතාවක් කියනවනෙ.
එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වුනු කාරියා, දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා. නීතිය දන්නෙ නැති නීති ආචාරිය.
ලොක්කා, පොහොට්ටුවේ ප්‍රතිපත්ති අපිට අදාළ නැහැ. ඒ ප්‍රතිපත්ති ඔහෙලා රෝල්කරලා කොට්ටෙට තියාගන්න. අපිට රටේ සාමකාමීව ජීවත්වෙන්න මරණීය දණ්ඩනය වුණත් ගෙනෙන්න...