
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ජල සැපයුම් ප්‍රධාන නලයක සිදු වූ හදිසි බිදවැටීමක් නිසා කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.
දෙහිවල,වැල්ලවත්ත, සොයිසා පුර, මොරටුව, රාවතාවත්ත, රත්මලාන, ගල්කිස්ස, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට ඒ අනුව ජල සැපයුම අත්හිටුවයි.
බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදු තිබේ.
ජල සැපයුම යථාවත්කර අද මධ්‍යම රාත්‍රියට පෙර එය යථා තත්වයට කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.