
(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 තුළ එක්දින සේවයෙන් පමණක් පුද්ගලයන් 12,158 ක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
සාමාන්‍ය දිනකදී එක්දින සේවයට ඉල්ලුම්පත් දහසක් පමණ ලැබුණ ද පසුගිය දිනවල එම සංඛ්‍යාව 1500 ඉක්මවා තිබූ බව කී එම නිලධාරියා ඒ අනුව එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සියයට 50 කින් වර්ධන වී ඇති බවත් සඳහන් කළේය.
පසුගිය දින 10 තුළදී සාමාන්‍ය සේවයෙන් පුද්ගලයන් 11,000 කට අධික සංඛ්‍යාවක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, වවුනියාව සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාවලින් පසුගිය දින 10 තුළදී පුද්ගලයන් 10,000 කට අධික පිරිසක් සේවය ලබාගෙන ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවනේ රට හැර යාම කොහොමද කියලා. මේ ආණ්ඩුව ඉවර වෙනකොට මහල්ලන් සහ මෝඩයෝ පමණක්ම රටේ ඉතිරිව ඉඳියි. පාලකයන්ට සමාන මිනිස්සු විතරක්.....
ඉන්න හිතෙන රටක්...
ඉන්න හිතෙන රටක්...
ඉන්න හිතෙන රටක් බලාපොරොත්තු වුනාට අවසානෙදි ඉතුරු වුනේ යන්න හිතෙන රටක්. 69 ලක්ෂයට ස්තුති වේවා.
මොන රටවලටද යනවා ඇත්තේ..
සභ්‍යයේ දැක්ම.
මතකද කොටසක් කිව්වා ජනාධිපතිවරණයේදී කන්න නැති වුනත් කමක් නැහැ රටක් ඉතුරු වුනොත් ඇති කියල. දැන් හදිසි පාස්පෝර්ට් ගන්න පෝලීම. පව් අපේ රටේවැසියෝ. ඇෆ්ගානිස්තානයෙන් පහුගිය මාසේ ඒ රටේ වැසියෝ ඒ රටින් පිටවෙද්දී සමහරු අවවාද කලා මේ ඉරණම අපිටත් වේවි කියල. කෙසේවෙතත් පාලකයෝ සතුටු මෙහෙම රටේ මිනිස්සු රටින් යන එකට. මොකද්ද එකක් විදේශ විනිමය ගලා එනවා පාලකයන්ගේ පැවැත්ම සඳහා. අනික රට තුල හිසදරය අඩු.
ඒත් වහල්ලු නම් කියයි සර් පාස් කියලා.
පාස්පෝට් ගන්න හැමෝම රට යනවා නම් මොනවා කරන්න බැරිද
හොඳටම කරපු හින්දනේ මෙච්චර කට්ටිය රට දාල යන්නේ
යක්ඛ පැටව් මොකෝ මේ ඩුබායි යන්න හදන්නෙ. මතක ඇතුව ඊලග ඡන්දෙට චිත්‍ර අදින්න එන්න.
වැඩි මුදලක් දුන්නම පාස්පොට් එක දිනකින් දෙනන පුලුවනනම් සාමාන්‍ය ක්‍රමයටද දින දෙක තුනකින් දෙනන පුලුවන් කිසිම කරදරයක් නැතිව
අමරදේවයන්ගේ ගීතය මකා දමන්න කාලය හරි...