(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව හදිසි නීතිය යටතේ ජනතාව මර්දනය කරන රෙගුලාසි ගෙනාවොත් ඊට එරෙහිව අධිකරණයට යන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ හදිසි නීතිය යටතේ භාණ්ඩ අත්‍යවශ්‍ය සේවා කළාට ගැටලුවක් නැති නමුත් ජනතාවට බඩු අඩු මිලට සැපයිය යුතු බවයි.
සහල් හැර අනෙක් සියලු ආහාර වර්ග ආනයනය කරන බව කී වික්‍රමසිංහ මහතා එලෙස භාණ්ඩ ගෙන්වන්නට අද ව්‍යාපාරිකයන්ට මුදල් නැතැයි ද සඳහන් කළේය .පෙනෙන්නට තිබෙන එකම දෙය දිනෙන් දින ආර්ථික අර්බුදය උග්‍ර වීම පමණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 ඉඳලා කොලා මදිද?
රෑට රෑට ජනාධිපතියි අගමැතියි හමුවෙනවා... දවල්ට මිනිස්සුන්ට පේන්න බෙරිහන් දෙනවා...
හදිසි නීතියෙන් ජනතාව ආරක්ෂා කරන්න හදද්දී මේ මොනවද මේ කියන්නේ .අසාධාරණ වෙළඳාම් කරන කූට ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්නද නඩු දාන්න හදන්නේ .මිනිස්සු අතරට යන්න මේ බයිලා හරි යන්නේ නැහැ
ඇම්ඩන්ට 88,89 සපුගස්කන්දේ "බටලන්ද හේන " හීනෙන් පෙනිලා බයවෙලා වගේ.....
පසු ගිය කාලය පුරාවටම පක්ෂය පාවා දීලා. දැන් බයිලා ගහනවා. මේවාට තමයි කියන්නේ පඩ ෂෝ කියලා.
බටලන්ද පැත්තේ හිටියේ මෙතුමා නොවෙයිද මන්දා..?
අනේ හොඳයි.
එතෙන්ට ගියාම වෙන්නේ චුදිතයින්ව නිදොස් කොට නිදහස් කිරීමයි.
දොඩවන් නැතුව ඉන්නවද? තමන්ට මිනිස්සු බලය දුන්න මේවා හරියට කරන්න කියල. කලාද ඉතින්?
2018 නොවැම්බරයේදී මෙතුමා අගමැති කමෙන් පහ කලාම උසාවි ගියා .මෙතුමා නිවැරදි බව උසාවිය තීන්දු කලා .මෙතුමා නීති උපාධිය පාස්කලේ ඒ සී කාමරේට වෙලා එස් එම් එස් හරහා ලැබුනු උත්තර ලියලා නොවෙයි .මෙතුමා උසාවි ගියොත් 2018 දී වගේ වෙන්නත් පුලුවන්
දැං මෙයා ජාවාරම් කාර වෙලෙන්දො වෙනුවෙන් පෙනී ඉන්නව . 2015 ඉඳලා වතුර බවුසර් කඳුළු ගෑස් ගහපුව, 88,89 බටලන්දෙ කරපුව මතක් වෙනව ඇති නේද .
මේ කතාව කියන්නෙත් ආණ්ඩුවට පෙර දැනුම්දීමක් කරලා නේද.? මම මෙහෙම කියන්නම් ඔයාලා මුකුත් කියන්න එපා කියලා නේද.?
හරියට නිකම් රටක් පාලනය කරන්න දන්නා මිනිහා වගේ කතා කරන්නේ...
88,89 කාලේ ඉදිරියට ගෙනාවා නම්. නිකන්ම කට වැහෙනවා...
උසාවි නෙවෙයි ඔයා ගෙදර යන්න. දැන් හිටියා මදැයි..
නඩු දානවා නම් නුවර උසාවියේ නඩුව දාන්න .ඔප්පු මිටි කිහිලි ගහගෙන නින්දගම් ඉඩම් වලට නඩු කියන කට්ටියත් එක්කලා වැව රවුමේ කයියක් දාගෙන ජීවිතේ ඉතිරි ටික ගෙවාගන්න පුළුවනි පුළුවනි .
පැරණි වැරදි සිදුවී තිබෙනවා අදකාල යුතු වන්නේ වැඩ කිරීමෙන් රට ගොඩ ගැනීමේ පිළිතුර පමණයි .නමුත් දේශපාලකයන් දුෂකයන් ආරක්ෂා කරන අතර තම පරපුර ගොඩ නැගීමේ යෙදී සිටිනවා . ලංකාවේ අසාර්ථකම කැබිනට් මණ්ඩලය පිහිටුවීම උදාහරණයක්.උගත් නොවන තමන්ට හරි යන වංචා දුෂකයන් තව දුරටත් පෙරමුණේ තබා ගෙන ඇත මෙම ගමන යා නොහැකිය
88-89 කාලෙදි කොහොමද ජේවීපී එක මර්දනය කරේ. අනිත් එක ඔය ආර්ථික අර්බුදෙත් ටිකක් අඩු කරන්න පුළුවන් අර සිංගප්පූරුව පැත්තෙන් ආනයනය කරපු මහ බැංකු අධිපති ගෙනිච්ච සල්ලි ටිකක් ආපහු ඉල්ලගත්තා නම්.
තවත් පිචං නොවී ගෙදර යන්න මහත්තයෝ. ඇදගෙන නා ගන්න එපා.
හොරුන් උසාවි යනවා කියන්නේ මේවාට නේද?
අනේ නිකන් යන්න...
ලංකාවේ ජනතාව වහල් භාවයෙන් මිදෙන දවසට තමයි හොඳ දේශපාලකයින් බිහිවෙන්නේ... එතකොට බයියන් කියයි සර් පාස් කියලා..
අරෙහෙ යම රජ්ජුරුවෝ බලන් ඉන්නවලු...
වහල් මන්තරය ජප කරනවෝ
මේ වෙලාවේ උසාවි යන්න එපා.. නඩුකාරයින්ටත් කොරෝනා.. ඔබතුමාට හැදුණොත් අපි කවුද 2030 ජනාධිපති කරන්නේ...?