
(අංජුල මහික වීරරත්න)
ආපදාව කළමනාකරණය කර ගැනීම සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීමට ඉවහල් කර ගන්නවා හැරණු කොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් හදිසි නීතිය උපයෝගී කර ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
"අපි මේ වන විට මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් වේගවත්, කාර්යක්ෂම යළි ගොඩනැගීමක් සඳහා අවශ්‍ය නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාව වෙනුවෙන් හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමතියි.
මෙම හදිසි නීතියට අනුකූල වන පරිදි මේ වන විටත් අපි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කර තිබෙනවා. සියලු සේවාවන් අපි එක් තැනකට කේන්ද්‍ර ගත කොට තිබෙනවා. ඕනෑම අන්ධකාරයක ආලෝකය ඇති බව අප විශ්වාස කරනවා. මේ අඳුරු දිනයන් පහව යන බවත් අප විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒකාවන්ව නැගී සිටිමු. මේ කදුළු සළන පාරාදීසය සුවපත් කරමු. දීප්තිමත් දිවයිනක් ගොඩනගමු යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් කයිය හරිම විද්යාත්මකයි. මාරයි. අති විශිෂ්ටයි. උත්කෘෂ්ටයි.
දැන්වත් ඕක කියන එක නවත්වන්න
තවත් බුදුපිළිම දෙක තුනක් ගලවමුද? කාලකන්නි
වැල් බයිලා ගහනවා කියන්නේ ඕකට තමා
හදිසි නීතිය නෙවෙයි හමුදා නීතිය දාන්න වෙලා තියෙන්නේ. ගෙදර යටවෙලා අස්කර කර ඉද්දි පල්ලෙහා වත්තෙ තියෙන බඩු උස්සන් යන්න එනවා. ඊයේ දවසට විතරක් තුන් පාරක් ආවා. ළඟ ගෙදරක අයියට ඔක්කොම නැතිවුණා. එයාල අමාරුවෙන් පොඩි එකාගෙ සපත්තු දෙකයි උළුවහු දෙකකුත් හොයලා එයාගෙ ගෙදර තිබ්බ. උදේ එනකොට ඒවත් නැහැ.
වරෙන්කො පුනරුද සති, මාස ලෑස්ති කරන්.
කොච පටාගේ මස්තේ තමයි