
(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති අද (15) මධ්‍යහන 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම වර්ජනයට දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සංගම් රැසක් සම්බන්ධව සිටින බව ද වාර්තා වේ.
දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිතියේ කැඳවුකරු සහ දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා මෙම වැඩවර්ජනය පිළිබඳව දැනුවත් කරමින් ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන්ට ලිපියක් යොමුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම වර්ජන වගේ තමයි. දුම්රිය වෙලාවට ගිය දවසක් මතක නෑ.
වර්ජනය කරනවා හැමදාම.. ඉවරයක් නෑ. කිසිම දියුණුවක් නැති ආයතනයක් තමයි..