(පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්)
පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කල එම රෝහලේම හෙදියක ඊයේ (26) දා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 32 හැව්රිදි හෙදියක බව පොලිසිය කීය.
පානදුර මූලික රෝහලේ රාජකාරි කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හෙදියක කල පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
ඉකුත් ජුනි 29 දා සිය මුදල් පසුම්බිය අස්ථානගතව ඇති බවට ඇය පැමිණිල්ලක් කර ඇති අතර, ඒ සම්බන්දයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ සිදුකරන අතරතුර, තමා ඉල්ලුම් කල ණය මුදල ගිණුමට බැරවී ඇති බවට මූල්‍ය ආයතනයකින් පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබී තිබේ.
ඒ අනුව පානදුර පෞද්ගලික බැංකුවක ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී එම රෝහලේම තවත් හෙදියක පැමිණ පැමිණිලිකාර හෙදියගේ ලියකියවිලි ඉදිරිපත් කරමින් ගිණුම විවෘත කරන බව නිරීක්ෂණය කිරිමෙන් පසු සැකකාර හෙදිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයගෙන් කල ප්‍රශ්න කිරීමේදී සොරකම් කල මුදල් පසුම්බියේ තිබූ රියදුරු බලපතක් උපයෝගී කරගනිමින් සිම් කඩ්පත් දෙකක් ලබාගෙන එයද භාවිතා කරමින් ඔන් ලයින් ක්‍රමයට ණය මුදලක් ලබාගෙන ඇති බවට හෙලිව ඇති බව පොලිසිය කීය.
සැකකාරිය විසින් සොරකම් කල මුදල් පසුම්බිය සහ එහි තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් සහ නිවසේ යතුරක්ද සොයාගත් බව පොලිසිය කීය.
සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් ඉන්දික (9476), කොස්තාපල් වරුන්වන ජයවික්‍රම (99513), මධුමාල් (100103), බණ්ඩාරනායක (100014) සහ බණ්ඩාර (100265) වැටලීමට එක්වූහ .
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙදියගේ පර් ස් එක ඉස්සූ හෙදිය රජ ගේමක් දීලා
Bamunuarachchi Wednesday, 27 September 2023 01:15 AM
ගැහැණුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි කියමන තවදුරටත් සහතික උනා.
Perera Wednesday, 27 September 2023 05:30 AM
ලබන චන්දෙදී පොහොට්ටුවෙන් නාම යෝජනා ලබන්න සුදුසුකම් හරි
Shantha - Qatar Wednesday, 27 September 2023 06:07 AM
නර්ස් නෝනා බෙල්ලේ වැල දාගත්තානම් තමා දැන් හොඳ
Nihal Wednesday, 27 September 2023 10:19 AM
ඒ මූහූණ දකින්න උසාවියට යන්නමයි හිතෙන්නේ
sam Wednesday, 27 September 2023 12:59 PM
මේකි හොර දෙටියක්නේ .පට්ට හෙරට කර්ම පඩිසන් දීලා
Kieth Wednesday, 27 September 2023 04:33 PM
මෙපමණ කාලයක්නේ නේවාසික රෝගීන්ගේ පෝන් ඉස්සුවෙත් මෙම කතමයි, දීර්ඝව ප්‍රශ්න නොකලේ මන්ද?
Siri Wednesday, 27 September 2023 05:40 PM
ෆ්ලොරන්ස් නයිටිංගේල් තුමිය හිටියානම් මොනවා කියයිද ?
ලපයා Wednesday, 27 September 2023 07:49 PM
නියම නයිටින්ගේල්