
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)
අම්පාර සිට කොළඹ බලා 23 වැනි දින රාත්‍රී ගමන් ගත් ලංගම බස් රථයක රියදුරකු රාත්‍රී 8.15 ට පමණ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇති අතර, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවි ඇති බව ඉගිණියාගල පොලිසිය පවසයි.
අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා ඊයේ 23 රාත්‍රි 7.00 ට පමන බස් රථය පිටත්වි තිබේ.රියදුරුට ඇතිවු යම් අසනිප තත්වයක් නිසා ඔහු බස්රථය ඉගිණියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර ලබන වෛද්‍යවරයකු ගෙන් බෙහෙත් රුගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබේ.
ඔහුගේ අසනිප තත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දි ඇතත් වෙනත් රියදුරකු නැති බව පවසමින් එහු කොළඹ බලා බස් රථය ධාවනය කළ අතර වෛද්‍යවරයා හමුවි සැතපුම් 10 යන්නට පෙර බස් රථය පාරෙන් පිටතට පැන තිබේ.
පසුව රියදුරු කඩිනමින් ඉඟිණියාගල රෝහලට ඇතුළත් කළත් ඒ වෙනවිට ඔහු මිය ගොස් ඇති බව වාර්තාවේ.
මෙම බස් රථයේ ගමන් ගත් එක් මගියකු පමණක් සුලු තුවාල ලබා තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගින් 40 ක් පමන සිටි බව එම බස් රථයේ කොන්දොස්තර තාරක නුවන් පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙකි.
ඉගිනියාගල පොලිසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.
ඡායාරූප වසන්ත චන්ද්‍රපාල


2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෘදයා බාදයෙන් බස් රියැදුරු රියදුරු අසුනෙම මිය යයි
P.D.Goonawardene Saturday, 24 August 2024 01:15 PM
රියදුරු මහතාට නිවන්සුව ලැබේවා...!
Dino Saturday, 24 August 2024 02:45 PM
රියැදුරු මහතාට අමාරුව දැනෙන්න ඇති... ඒත් නිවාඩු ගත්තොත් සල්ලි ප්‍රශ්න මතක් වෙන්න ඇති. ගොඩක් අය තමන්ගේම ජීවන අරගලයක. ඔබට නිවන් සුව...!