IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හදන්න ගත් තට්ටු ගොඩනැගිල්ල නාය යයි

(රංජිත් රාජපක්ෂ)

මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි.  

ගිනිගත්හේන ප්‍රදේශයට එක දිගට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට මායිම්ව ඉදි කරමින් පැවති එම තෙමහල් ගොඩනැගිල්ල අඩි 200 ක් ප්‍රපාතයට නායගොස් ඇත.

ගොඩනැගිල්ල නාය යන අවස්තාවේ එහි කිසිවකු සිට නොමැති අතර, ප්‍රමිතියකින් තොරව එම ගොඩනැගිල්ල ඉදි කරමින් පැවති නිසා ගොඩනැගිල්ල නායගොස් ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් වැසි පතිත වෙමින් පවති.



අදහස් (2)

හදන්න ගත් තට්ටු ගොඩනැගිල්ල නාය යයි

Ruwan De Silva Saturday, 06 July 2024 07:51 PM

හොඳටම පේනවා නාය යන තැනක්, ප්‍රපාතයක් ගාව හදපු ගෙයක් කියලා. නගර සභාවෙන් නම් අවසර ගත්තේ... ඒකත් ප්‍රශ්නයක්...!

:       0       7

Shanika Sunday, 07 July 2024 06:09 AM

මහා මාර්ගයක් අසල ගොඩනැගිලි ඉදිකිරීම් කරද්දී වීථිරේඛා ගැන බලන්න ඕන ඊළඟට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය සමග අදාල පළාත් පාලන ආයතන අනුමැතිය ගන්න ඕන ඒවා ලබාගෙන ඇත්නම් අදාල ආයතන වගකීමක් නැතුව කටයුතු කලාද කියලා හිතෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site