(අංජුල මහික වීරරත්න)

හෙද විදුහල්වලට 2026 වර්ෂය සඳහා  අභ්‍යාසලාභීන් තුන්දහසක් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මාර්ගගතව අයදුම් කිරීමේ   සබැඳිය සහ අදාළ විස්තර සහිත 2026.05.29 දිනැති ගැසට් පත්‍රය අද (1) රාත්‍රී සිට www.health.gov.lk  වෙබ් අඩවියේ පළ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර 

ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්  මහතා පැවැසීය.

2021,2022,2023,2024 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂයයන් හදාරා ගැසට් පත්‍රයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකිකයින්ට  මේ සඳහා අයැදුම් කළ හැකිය.