
(අංජුල මහික වීරරත්න)
අයවැයට යෝජනා 14ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ අත්සනින් අදාල ලිපිය යොමු කර ඇත.
ජාත්‍යාන්තරවද වෘත්තීයක් ලෙස පිළිගත් හෙද සේවාව සුවිශේෂී වෘත්තීමය වැටුප් තලයක පිහිටුවීම,හෙද සේවාව දීප ව්‍යාප්ත සංවෘත සේවාවක් බවට පත් කිරීම,හෙද විදුහල් ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත හෙද විශ්ව විද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, කොළඹ හෙද පීඨයේ ඉදිකිරීමට යෝජිත පරිපාලන හා අධ්‍යන ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම,යෝජිත හෙද විශ්ව විද්‍යාලයට ගැලපෙන පරිදි හෙද විදුහල් සංවර්ධනය කිරීම සඳහා සියපු හෙද විදුහල් වලට ප්‍රතිපාදන වෙන් කිරීම, ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස සියළු රජයේ සේවකයන්ට රු.200000/- ක වැටුප් වැඩිවීමක් ලබාදීම, සෞඛ්‍ය සේවාවේ දීමනා ලබාදීමේ විෂමතාවය විසදීම පිණිස පෙර සෞඛ්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩල අරගලය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය හා භාණ්ඩාගාරය එකඟ වූ දීමනාවෙහි ඉතිරි කොටස ලබාදීම,උපාධියට ලබාදුන් වැටුප් වැඩිවීම දෙගුණයක් බවට පත්කර ඒ උසස්විම් වලදී වැටුපට ගැලපිය හැකි ආකාරයට ගෙවීමට ප්‍රතිපාදන ලබාදීම,ආර්ථික අර්බුදය හමුවේ නවතා තිබු යතුරු පැදි ලබාදීම මහජන සෞඛ්‍ය හෙද සොයුරියන්ට, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ට කඩිනමින් ලබාදීමට ප්‍රතිපාදන වෙන් කිරීම,හෙද සේවාවේ අනුමත සේවක සංඛ්‍යාවන් යාවත්කාලීන කිරීම,හෙද නිලධාරීන් ලබාගන්නා විශේෂ ඩිප්ලෝමා සඳහා දිරි දීමනාවක් ලබාදීම, විදේශ විනිමය ගැටළුවට විසදුමක් ලෙස ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින හෙද සේවාව සඳහා අදාල රටවල භාෂාවන් (උදා- ඉංග්‍රීසි, ජර්මනි, ජපන්) පුහුණුව ලබා දිමත් විදේශ ගත කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන ලබාදීම,හෙද සේවාවේ පශ්චාත් උපාධි ආචාර්ය උපාධිධාරීන් සඳහා දිරි දීමනාවක් ලබාදීම,උපයන විට බදු ආදායම් සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දමා වෘත්තිකයන්ට සහනයක් ලබාදීම හෙද නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ඩිරෙක්ටර් ජනරාල් හෙවත් සභාපති තුමෝ, අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෑ. ඒ කාලේ රනිලට කිව්වනම් මේ ඉල්ලීම් වලට එක පෑන් පාරයි. 1995 ඉදලා සභාපති නේද ? දැන් ඒ තනතුරින් තොලොන්ජි වෙන්න කාලේ හරි.
හිටපු ජනමාධ්‍ය අධ්‍යක්ෂ තුමා වැඩ වර්නයකට අර අදිනව වගේ.
හීනෙන් ඇහැරැණා වගේ යෝජනා ගෙනල්ලා..හිටපු ජනාධිපති වෘත්තීය සමිති උපදේශක...200000 වැටුප් වැඩිවීමක්??
මේල් නර්ස් ආණ්ඩුවේ ඉද්දි මේවා ඉල්ලුවේ නෑ
බලතල තියෙන විට දොයියනව නැති වුණාම හීනෙන් ඇහැරිලා නලියනවා.
මේකේ ඔක්කොම උන් මහත්තුරු උනහම ලෙඩ්ඩුන්ට සත්කාර කරන්න වෙන්නේ ගෙදර අයටයි. ලෙඩ්ඩුන්ට දෙයියන්ගේ පිහිටයි.. ඉස්පිරිතාලේ ඉන්නෙ මහාචාර්‍ය රෝහල් කම්කරු උතුමා එයා කම්කරුවෙක් නොවේ.