(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය.
සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම තීරණවලට එළඹිණ.
ඒ අනුව හෙද සරසවිය ආරම්භ කිරීම, යහපාලන රජය සමයේ අත්හිටුවූ මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම, අත්හිටුවා ඇති 3 ශ්‍රේණියෙන් 2 ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා 2 ශ්‍රේණියෙන් 1 ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම, රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම සහ දැනට පැය 36 ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30 ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම යන ඉල්ලීම් පහ වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය.
රුපියල් දසදහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් සියයට එකක අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් එකඟතාව පළකළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා දෙන්න ජනතාවට තවත් බදු ගහයි
ඉල්ලීම් ලබාදීම හොඳ දෙයක්. ඒත්, මේ වසංගත කාලයේ වෘත්තීය සමිතිකාරයින් ජනතාව බිල්ලට දී කරනා වැඩ වර්ජන ගැන සතුටු වෙන්නට නම් බැහැ. එදා ෆ්ලෝරන්ස් නයිටින්ගේල් තම ජීවිතයම හා පිය උරුමයෙන් ලද ධනයද වැයකොට, ලොවට බිහිකළ මේ හෙද සේවය අද මේ රටේ වෙනස් දරදඬු මාර්ගයකට ගෙනඒම ඉතාමත් කණගාටු දායකයි. තමන්ට ජීවත්වීමට උපකාරවන රැකියාව ඉදිකළ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටින්ගේල් හට අද වෘත්තිය සමිති කාරයින් කරනුයේ මොනතරම් නොහොබිනා ක්‍රියාවක්ද? බුදු දහමට අනුව බුදු පුතෙකු කළ යුත්තේ, අසරණ ලෙඩුන් වෙනුවෙන් ඉදිරිපත් වීමයි. එය එසේ වෙතත්, එක්තරා චීවරධාරියකු පෙනී සිටිනුයේ හෙදියන් වෙනුවෙනි. ඔහුට ලෙඩුන්ගේ දුක පසෙක තබා හෙදියන්ගේ දුක පමණක් පෙනුණේ මන්දැයි නොදනිමු. මේ ක්‍රියාව මහානායකවරුන්ට හෝ බුද්ධ ශාසන අමාත්‍යාංශයට නොපෙනෙන්නේ මන්දැයි නොදනිමු.
දකකද අපේ සර්ගේ වැඩ
එකක් වත් දෙන්න එපා ජනාධිපතිතුමනි.. ඔවුන්ට ලැබෙන ඒවා ඉහටත් උඩින්... ඔවුන් ඕවා කරලා දිනාගෙන ගන්න සල්ලි වක්කඩ කැඩුවා වගේ දියවෙලා යායුතුයි.
මුදල් දීමනා ඉල්ලීම් නම් ඕනෑම කෙනෙක්ට දෙයි. සල්ලි අච්චු ගහන මැෂිම පැය 24ම වැඩ නිසා. අච්චු ගහලා බෙදන්නනේ තියෙන්නේ... ඔය වගේම අනිත් රැකියාවලත් ප්‍රශ්න විසඳනවා නම් තමයි හොඳ...
සර්ට ජයවේවා