IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හතලිහකගේ රැකියා සිහිනය බොඳ කරලා

(රෝෂන් තුෂාර)

කැනඩා රටේ රැකියා අවස්ථා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් හාර කෝටි 63 ලක්ෂයකට අධික මුදලක් වංචා කර සැඟව සිටියේ යැයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න සැකකරු ලබන 09වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(26) නියෝග කළේය.

සැකකරුට එරෙහිව මේ වන විට පැමිණිලි හතලිහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්,සැකකරු ඊයේ (25)දින අත්අඩංගුවට ගත් බවත් කොළඹ වංචාව විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රෂින්ත පියරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

සැකකරු 2017 වසරේ සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ඇති බවත්,සැකකරුට එරෙහිව තවමත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින් හා විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන නම වැනි දින දක්වා බඳුනාගාර ගත කිරීමට නියෝග කළේය.

 



අදහස් (1)

හතලිහකගේ රැකියා සිහිනය බොඳ කරලා

චමින්ද කුමාරසිංහ Tuesday, 18 March 2025 11:13 AM

මගෙනුත් ලක්ෂ 14ක් ගත්තා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site