IMG-LOGO

‘‘හතර මායිම දන්නේ නැතිව රට ගොඩනගන්න බෑ‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ ආර්ථිකය ගොඩ නැගීමට හෝ රටෙි හතර මායිම් ගැන දැනීමක් නැති ගොඨාභය  සියල්ල ගිනි බටයෙන් කරන්න පුළුවන් යැයි හිතාගෙන සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කන්න නැතුව පාරට බහින ජනතාව වෙඩි තබා ඝාතනය කරන්නට ආණ්ඩුවට තිබෙන අයිතිය කුමක්දැයි දිසානායක මහතා  ප්‍රශ්න කළේය.

ජනතාව පාරට බහින්නේ තමන්ගේ ඔලුවේ හැදෙන හිතලු මත නොවේ යැයිද  නිවසේ ඇත්ත ප්‍රශ්නයක් පැන නැගී තිබෙන අතර ආදායම වැඩි නොවුනත් ආහාර මිල ඉහළ යමින් විශාල භාණ්ඩ හිඟයක් ඇති වී තිබෙන අතර සියලු රැකියා කරන්නන් ගේ ජීවිත අනාරක්ෂිත කර තිබෙන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

 මෙි ජනතා හැඟීම් දැනෙන්නේ නැති හිරිවැටුණු ආණ්ඩුවක් බවද අනුර දිසානායක මහතා කීය.



අදහස් (14)

‘‘හතර මායිම දන්නේ නැතිව රට ගොඩනගන්න බෑ‘‘

SUNIL MILANO Wednesday, 20 April 2022 04:29 PM

හතර මායිම ඕනෑ නැහැ... ළමයි ටික ඉගෙන ගන්නේ මොන රටවල්වලද? ඒවට සල්ලි කොහෙන්ද විතරක් කියන්නකෝ...?

:       59       34

NissankaWednesday, 20 April 2022 05:53 PM

බොරු අවලාද එපා. යථාර්ථය තේරුම් ගන්න. මේ මිනිස්සු කියන දේ ඇහුවා නම් අපේ රටට මෙච්චර විනාශයක් වෙන්නේ නෑ.

:       18       44

BamunuarachchiFriday, 22 April 2022 06:58 PM

හලෝ, හොයලා බලන්න එයාගේ ළමයි ඉන්නේ කොහෙද කියලා..? ස්විට්සර්ලන්තයේ. ඔහෙලා තාප්පවල පාප්ප ගගා ඉන්න.

:       0       0

චමින්ද Wednesday, 20 April 2022 07:01 PM

සුනිල් ඔයාගෙ ඇඹනියගෙන් ඇහුවොත් අනුරට සල්ලි ලැබෙන හැටි දැනගන්න හැකිවේවි... මොකද එයා තමයි සල්ලි දෙන්නේ කියලා අපි දන්නවා හැබැයි රජෝ බිරිඳ එක්ක රණ්ඩු වෙනවා නොවෙයි..

:       11       30

SLWednesday, 20 April 2022 08:46 PM

මේ මනුස්සයත් කොවිඩ් අස්සේ ගුරුවරු පාරට බස්සලා, දැන් අන්තරේ කොල්ලෝ සෙට්එක පාරට බස්සලා ලොකු ආතල් එකක් ගන්නවා. මේ අය බාරදෙන්න ඕනේ රට කරන්න. කොහොමද ඔය සියලු සැප සම්පත් දීලා, තෙල් මිල අඩු කරලා, පොහොර නිකන් දීලා, වී වැඩියෙන් අරගෙන හාල් අඩුවෙන් දීලා, නිදහස් අධ්‍යාපනය විශ්ව විද්‍යාලවලට වෙනකල් දීලා එළියට එන හැමෝටම රජයේ රස්සා දීලා රට කරන්නේ කොහොමද කියලා පෙන්වන්න. හීන ලෝක පෙන්වලා රට විනාශ කරන අනිත් දේශපාලන ගන්ධබ්බයින්...

:       0       1

BamunuarachchiFriday, 22 April 2022 06:55 PM

ඔය ගැන මම අනන්තවත් කියලා තිබෙනවා.. ජෙප්පනට ඒවා ප්‍රශ්න නොවෙයි, රාජපක්ෂලාගේ ළමයෙක් ගියොත් අන්න මොවුන්ට ලොකුම ප්‍රශ්නයක්..!

:       0       0

sharm warn Wednesday, 20 April 2022 04:38 PM

හොරකම විතරක් දැනගෙන රාජ්‍ය පරිපාලනයට ආවම වෙන්නේ මෙහෙම තමයි අනුර. රටේ භාගයක්ම කන්නේ තණකොළ..., බොන්නේ පුන්නක්කුනේ...!

:       17       59

ලමය Wednesday, 20 April 2022 05:07 PM

මේ රට මේ අගාධයෙන් ගොඩගැනීමට හැකි අවසාන විශ්වාසයයි.

:       27       65

Kasun Wednesday, 20 April 2022 05:21 PM

උද්ඝෝෂණය කරන්න ඕනෑ සාමාන්‍ය ජනයාට කරදරයක් නොවෙන විදිහට. ඔහොම පාරවල් වහගෙන දඟලන අයට නම් ගහලා පන්නන්න ඕනෑ.

:       37       51

Sanath KandyWednesday, 20 April 2022 05:50 PM

ඩීසල්, පෙට්‍රල් පෝලිමේ ඉන්නකොට, ගෑස් පෝලිමේ ඉන්නකොට, කරන්ට් කපන කොට, කන්න නැතිව ගෙවල්වල ළමයි අඬනකොට සාමාන්‍ය ජනයාට සැපද? මෙච්චර දෙයක් රටට වෙලා තියෙද්දිත් තමනි ගැන විතරක් හිතන ඔබලා වැනි මිනිස්සු නිසා තමයි රටට මේ වගේ විපතක් වෙලා තියෙන්නේ.

:       9       33

යාපා Wednesday, 20 April 2022 06:31 PM

අනේ අනුර ඔහේලාට කොහොමත් මිනිස් බිල්ලක්නේ ඕනෑ වුනේ. කොහොමත් පුරුදු ලේ සුවඳයිනේ...!

:       56       23

Nayanajith Wednesday, 20 April 2022 07:08 PM

මිනිස්සු කන්න නැතිව මැරුණත්, පාරවල් අවහිර නොවී තිබුණත් ඇති වගේ...

:       12       31

SUNIL MILANO Wednesday, 20 April 2022 07:12 PM

මෙයා දන්නේ හතර මායිම විතරක් නෙවෙයි. හතර මුල්ල පනින්න. අනෙක මායම් ඔක්කොමත් දන්නවා. අනෙක් චක්ගෝලයින් ටිකත් එහෙම තමයි. කාට කියන්නද? 

:       51       19

mp Wednesday, 20 April 2022 08:46 PM

ජේවීපී 1971 - 1980 ගණන්වල කළ දේවල් මේ රටේ මිනිසුන්ට අමතකද? ඒවා තමයි මේ දැනුත් කරන්නේ. 1971 කැරැල්ල කළේත් මේ අයයි. දැනුත් ඒකට තරුණ තරුණියන් මෙහෙයවනවා. බලාපොරොත්තු තියාගන්න අපූරු මිනිස්සු...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site