
(යොහාන් භාසුර)
දෙහිවල සිට බම්බලපිටිය දක්වා වෙරළ තීරණයේ අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිලි 19 ක් මෙම මස 10 වැනිදාට පෙර ඉවත්කරන ලෙස දැනුම්දී ඇති බවත් එදිනට පෙර එම ගොඩනැගිලි ඉවත්නොකළහොත් ඒවා ඉවත්කිරීමට කටයුතු කරන බවත් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
ඉවත්කරගන්නා ලෙස දැනුම්දී ඇති අනවසර ගොඩනැගිලි 19 න් හෝටල් ලෙස පවත්වාගෙන යන ගොඩනැගිලි 5 ක් ඩුබායිහි සැඟවසිටියදී පසුගියදා මෙරටට රැගෙන ආ මහාපරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයිති යැයි හෙළිවී ඇති බව කී එම උසස් නිලධාරියා තවත් හෝටල් දෙකක් මෙරට ප්‍රධානම රාජ්‍ය ආරක්‍ෂක අංශයක හිටපු ප්‍රධානියකුට සහ ඔහුගේ සොහොයුරියකට අයත් බව ද සඳහන් කළේය.
හෝටල් සහ නිවාඩු නිකේතන ලෙස පවත්වාගෙන යන එම ගොඩනැගිලි ඉවත්කරගන්නා ලෙස ඒවා පවත්වාගෙන යන පුද්ගලයන්ට දැනුම් දුන් බවත් එසේ නොවුණ හොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මහතාගේ අධීක්‍ෂණයෙන් මෙම වෙරළේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ කටයුතු ක්‍රියාතමක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd