
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මගින් හිතුමතේ රටේ මුදල් නාස්ති කරන්න හැකියාවක් නොලැබෙන ලෙස විලංගු දැමීමක් කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපි ආර්ථික ක්‍රියාකාරකම් ගැන ප්‍රායෝගික භාවිතාවක් හඳුන්වා දුන්නා.අපේ පහසුකම් අවම කර ගැනීමෙන් ආදර්ශයක්ද ලබා දුන්නා.දැන් තිරසර ආර්ථික දැක්මට ගැලපෙන ඉදිරි වසරේ අපේ ආර්ථික මූලෝපායන් ගැන අද ඉදිරිපත් කරනවා. ආර්ථික අවදානම් කළමනාකරණය කරන ආකාරයද අප ඉදිරිපත් කර තිබෙනවා. අපේ ක්‍රියාකාරීත්වය ගැන විලංගු දමා ගැනීමක් අප මෙහිදී කරනවා.ඒ කියන්නේ අපට ඕනෑ විදියට මුදල් නාස්ති කරන්න හැකියාවක් නැහැ.
2026 දී එන්න තියෙන අවදානම අපි දැන් දකිනවා. අපට සැලැස්මක් තියෙනවා.පළාත් පාලන ආයතන වල වියදම් වල සීමාවන් කොහොමද?කියා දක්වා තිබෙනවා. ඉතින් විපක්ෂ සතුටු වෙන්න ඕනේ. මේ පොත පෙරලා ගත්තම දැන් කොහෙද? යන්නේ කියලා විපක්ෂයට දැනගන්න පුළුවන් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල්, පොල්, ලුණු ඇතුළු සියලු දේ පිටරටින් ගෙන්නලා වියදම් අඩු කළාලු. මොංගල්ද අනේ ඔයාට... ජනතාව තලා පෙලලා එකතු කරන බදු ඇරුණාම ගෙනාපු එක අලුත් ආදායමක් කියන්න...
විපක්ෂයේ හොරුන්ට රිදෙන තරම පෙනෙනවා ඔවුන්ගේ දඩෝරියන් බුරන සද්දේ අනුව.
ඊයේ පෙරෙයිදා සමුළුවකට ගිහින් රටේ නම කාල දාල ඒ මිනිස්සුන්ගේ කාලය කාලා දාලා කරපු වැඩේ නම් නාස්තියක් තමා මහත්තයෝ
හිතුමතේ කරන වචන නාස්තියටත් අගුලු දැම්මොත් හොඳයි.