(ඉන්දිකා  රාමනායක)

සංචාරක හෝටලයක නැවතී සිට පහසුකම් ලබා ගැනීම  මුදල් නොගෙවා රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා  කිරිම සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයෙක්   මීගමුව විශේෂ  අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කටුනායක ප්‍රදේශයේ හෝටලයක දී ඊයේ (12)  ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු (32)පුද්ගලයෙක් බවත් ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.