
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල හෝටලයකින් බොල්ගොඩ ගඟට බැහැර කරන අපද්‍රව්‍ය පෙන්වීමට ගිය තිදරුපියකු හදිසියේ රෝගාතුර වී අද මිය ගියේය.
මෙලෙස මියගොස් තිබුණේ බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිසුමිත් සිල්වා නැමැති 52 හැවිරිදි තිදරු පියෙකි.
මධ්‍යම පරිසර අධිකාරියට අයත් වාහන දෙකක් හෝටලය වෙත පැමිණෙන අයුරු මියගිය පුද්ගලයා දැකීමෙන් අනතුරුව ගම්වාසීන්ද දැනුවත් කර ගම්වාසීන් සමග හෝටලය අසලට එකක් පැමිණ අවට පරීක්ෂා කිරීමේ දී හෝටලය පිටුපස රක්ෂිත කොටස අනවසරයෙන් ගොඩකර ඇති අයුරු දැක තිබිණි.
අනතුරුව ගම්වාසීන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට එම ස්ථානය පෙන්වා එම රක්ෂිත කොටසේ අනවසරයෙන් ගොඩකර තිබෙන අපද්‍රව්‍ය සහ කළු ගල් ඉවත් කරන තෙක් එම ස්ථානයේ රැඳී සිටින ලෙස ලෙස දැනුම් දී මියගිය පුද්ගලයා ඇතුළු කීප දෙනෙකු හෝටලයේ බලධාරීන් රක්ෂිතය අනවසරයෙන් ගොඩ කර තිබෙන ස්ථානය කොට දැමීමට කටයුතු කළහ.
මෙහිදී අනාවරණය වූයේ හෝටලයේ සිට බොල්ගොඩ ගඟට බෝට්ටුවලට නැගීම සඳහා යොදා තිබෙන කොන්ක්‍රීට් බැම්ම යටින් අපද්‍රව්‍ය ගඟට යොමු කිරීම සඳහා බට යොදා ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන වැරැද්ද කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියද? නැත්නම් හෝටලේද? කියලා හිතාගන්න බැරුව ඉන්නේ...
පරිසරය පිළිබඳ සංවේදී පුද්ගලයෙකි. පව්, කිසියම් විෂබීජයක් ශරීරගත වෙලා මියයන්න ඇත්තේ. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
මේක බොහෝ දුරට මිනීමැරුමක් විය හැකියි.. බීමට විෂ ද්‍රව්‍යයක් කලවම් කර දුන්නා විය හැකියි.. මොහුට සහයෝගය දුන් පුද්ගලයින් අතර හෝටලයේ හිමිකරුවන්ට සම්බන්ධ ඉත්තෙක් ඉන්න ඇති.. මේ මරණය පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතුයි..