(සුජිත් හේවාජුලිගේ )
රජයේ එක්තරා ආයතනයක හිටපු ප්‍රධානියකු එම ආයතනයේ කටයුතු කළ සමයේදී ඔහු සහභාගිවූ උත්සව සඳහා සංගීතය සැපයීමට පහළොස් දෙනකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් පත් කරගෙන ඔවුන්ට වැටුප් ගෙවා ඇතැයි වාර්තාවේ.
එසේම එම සංගීත කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු පත්කරගෙන ඔහුටද වැටුපක් ගෙවා ඇති බව එම ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ ආයතන ප්‍රධානියා මෑතකදී වෙනත් ආයතනයක මුල් පුටුවකට මාරුවීම් ලබා ගොස් සිටින නමුත් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සහ පුහුණුකරු තවදුරටත් ඒ ආයතනයේ නිකරුණේ රැඳී සිටිමින් වැටුප් ලබන බව දැනගන්නට ඇත.
එසේම මෙම ප්‍රධානියා සිය ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂකයන් 6 දෙනකුද රජයේ වියදමින් යොදවා ගෙන සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
පුද්ගලයකුගේ හුදු විනෝදාස්වාදය සඳහා සංගීත කණ්ඩායමක් පත් කරගෙන මෙලෙස කටයුතු කිරීම විශාල මුදල් නාස්ති කිරීමක් බව එම ආයතනයේ සේවකයෝ පෙන්වා දෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා උනත් සංගීථය සැපයූ ඒ අසරණ මිනිසුන්ට වෙන රස්සාවක් සොයාදෙන්න
පණ්ඩු බණ්ඩාරනායකගෙ නම කිසිම ගැටළුවක් නැතුව පත්තරේ දාපු ඇත්තෝ, මේ අපතයට බය වෙලා. දාන්ඩකො මේකාගේ නමත් කාට කාටත් දැන ගන්ඩ.
එක්තරා කියන්නේ මොකක්ද . කෙලින් ම නම දාන්න . එතකොටවත් මේවා කරන්න යන එවුන් පස්ස ගහවි.