
(උපාලි ආනන්ද)
රාත‍්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රඳවා සිටි දමිළ ජාතික රැදවියකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබ සිටියදී මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ මරණ සහතිකය ජනවාරි මස 22 දින අධිකණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සියපත් සසිඳු වික‍්‍රමරත්න මහතා කොළඔ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
හිටපු අමාත්‍යවරයා ඇප අත්සන් කළ ඇපකරුවන්ට එදින අධිකරණ්‍ය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි බේබද්දා , මේක මක බෑ උන එකමයි හොඳ
මේ ගොල්ලන්ගෙ ඉදිරි බවයන් අවුල්. නාමලුත් මේව දැනගන්න එක හොඳයි.