(සුජිත් හේවාජුලිගේ)
හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය විය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම මුදල් ගෙවීම පැහැර හරිනු ලැබ ඇතැයි පැවසෙන්නේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් සහ පෞද්ගලික ආයතන දෙකක් විසිනැයි එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මේ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2003- 2013 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද 2013- 2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද ගෙවීම මෙලෙස පැහැර හැර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම මුදල් මේ දක්වාම ගෙවා නැතැයිද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ 2003- 2013 අතර කාලයේදී ලබා ගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විමර්ශනයක් පවත්වා අයවිය යුතු හිඟ මුදල් පිළිබඳ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යාංශයට දැනටමත් බාරදී ඇති බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2013-2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් අය විය යුතු තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි හිඟ මුදලකට අදාළව වාර්තාවක් මුදල් අමාත්‍යංශයට බාරදීම සඳහා මේ දිනවල පිළියෙල කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
එම මුදල් මුදල් අමාත්‍යාංශය විසින් අයකර ගනු ලැබ ගුවන් හමුදාවට නැවත බාරදිය යුතුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්...! මහන්සි වෙලා වාර්තා හදලා දෙන්න. අන්න කට්ටිය ගෙවන්න පෝලිමේ ඉන්නවා. මේවා හොඳයි ලංකාවේ වාර්තාවලට වෙන්නේ මොනවද කියලා දන්නැති අයට...
අර ගිණුමක කෝටි ගණනක් තිබුණු කෙනාත් ඔය අතර ඇති. එයාගෙනුත් අයකර ගන්න. කෝටි ගණනක් හොරෙන් ගන්න කොටත් ඒ දැනිලා තිබුනේ අවුරුදු කීපයක් ගියාට පස්සෙනේ....
ගුවන් හමුදා ගිණුම් අංශවල දුර්වලතා වෙන්න පුළුවන්... මොකද ගුවන් යානා ගමනක් ගියාම ඒ ගාස්තු අයකරන ක්‍රමය ක්‍රියාත්මක වෙලා නැහැ.. බිල් පත්‍රය හා ගෙවීම් වවුචර අදාල අවස්ථාවලම යැව්වා නම් ඔහොම වෙන්නේ කොහොමද? එහෙම යවලත් නොලැබුණොත් අමාත්‍යාංශ ලේකම් හරහා ඉල්ලන්න තිබුණා.
අනිවාර්යයෙන් ජවිපෙ අය වෙන්න ඇති...!
ණයට ගුවන් ටිකට්පත් දීම වහාම නතර කරන්න. ගුවන් ගාස්තුව ගමනට කලින් අයකර ගත්තා නම් මෙහෙම ගැටළු ඇතිවන්නේ නැහැ. ගාස්තු අයකර ගැනීමේදී පුද්ගල තරාතිරම වැදගත් වන්නේ නැහැමයි.