
(එම්.සුසිල් පියන්ත)
මේ ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පතිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (18) අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොලේදී බෙදා දුන්නේය.
මැතිවරණ රාජකාරී කළ හිටපු ඉහල නිලධාරියෙකු මෙසේ ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා අත් පතිකා ජනතාවට බෙදූ පළමු අවස්ථාව මෙයයි.
මැතිවරණයකදී සිය ඡන්දය පාවිච්චි කිරීම ජනතා අයිතියක් බවත් මේ ඡන්ද අයිතිය පැහැර හැරීම නොකළ යුත්තක් බවත් මැතිවරණ කොමිසන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා කීය.
එබැවින් ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය පෙන්වාදීමේ අරමුණින් මිස මෙය මෙවර ජනාධිපතිවරණයේදී පත්කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබදව කරන ලද ඉල්ලීමක් නොවන බව තමාගේ මේ ක්‍රියාවේ ඒකායන අරමුණ බවද දේශප්‍රිය මහතා කීවේය.

COMMENTS
මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන් අවසන් දිනයේ තමන්ගේ ගම් ප්‍රදේශයේ අයට පමණක් දැනුවත් කරන්න ඉදිරිපත් වුනේ එම ප්‍රදේශයේ ජනතාව ඡන්දය කියන්නේ මොකක්ද කියලා නොදන්නා පිරිසක් නිසා ද කියලා අහන්නම වෙනවා.
මේක හොඳ වැඩක්. ලංකාවෙත් දියුණු රටවල්වල වගේ ඡන්දය දැමීම අනිවාර්ය යුතුයි. නැත්නම් හරි ජනමතය ප්‍රකාශ වෙන්නේ නෑ.
මෙයා නම් මහා වාතයක් වේගෙන එන්නේ... තමන් කොමසාරිස් හැටියට හිටපු කාලේ කරපු කාර්යය හොඳටම ඇති.. media එක ඉස්සරහට ඇවිල්ලා පොර වෙන්න හදනවා... මෙයා.. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියා නම් නිකන් ගෙදරට වෙලා බනක් භාවනාවක් කරගෙන ඉන්නකෝ ඇණයක් වෙන්නේ නැතුව..
මේ මනුස්සයා වගේ හිටපු තනතුර බාල්දු කරපු කෙනෙක් තවත් නෑ
තමන්ට බලය තියෙන කාලෙ දත් ටික විලිස්සගෙන පිස්සු නටලා ඉන්න මැතිවරණ කොමසාරිස් සද්ද නැතුව වැඩේ නියමට කරනකොට බලාගෙන ඉන්න බැරුව මීඩියා කවරේජ් එකක් ගන්න දඟලනවා ඒ දවස්වල කරපු කෙරුවාව අපිට මතකයි. දකුණේ මිනිහෙක් කියන්නත් ලැජ්ජයි
ඡන්දය දැමිය යුතුයි තමයි. දාන්න තරම් හොඳ කෙනෙක් නැත්නම් මිනිසුන් නිහඬව ඉන්නවා. ඔය කවුරු දැඟලුවත් වැඩක් නෑ. මෙයත් අමුතු චරිතයක්... පෙන්වන්නේ එකක්. යටින් තියෙන්නේ වෙන අරමුණක්...
බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ...!
මෙයා පුරවැසිභාවය නැති කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩදුන්න නිසා වෙච්ච විනාසය ගැන පසුතැවිල්ල මඟ හරවා ගන්න මේවාගේ දේවල් කරනවා. හෘදසාක්ෂිය හැමදේටම වඩා ලොකුයි.
අපේ රටේ වත්මන් අර්බුදයට සම්පූර්ණයෙන් වගකිවයුත්තේ ඔහු ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනෙකු විදේශ පුරවැසියන් බව දැන දැනත් නාමයෝජනා භාරගෙන ඇති බැවිනි. ඔහු බලයේ සිටියදී සියල්ල අවුල් කර රට විනාශ කළේය. දැන් එතුමාට මැතිවරණ නීති සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගොන් කතා කියමින් රටට කළ හානියට ගරු කරන්න බැහැ.
සමහරක් රාජ්‍ය සේවයේ පිරිසක් ඉන්නවා හරියට වැඩේ කරන්න පුළුවන් තමාට විතරයි කියලා හිතාගෙන ඉන්න .එහෙම අයට විශ්‍රාම යන්න කිට්ටුව බරපතළ අසනීප හැදෙන පිරිසකුත් ඉන්නවා. මම දන්න විදුහල්පති කෙනෙකුට සම්පූර්ණ කර එවීමට විශ්‍රාම ලියවිලි ආවම හදවතේ අසනීපයක් හැදුනා .මම අහල තියෙනවා මීට අවුරුදු පනහකට පමණ පෙර වාහන ආදායම් බලපත්‍ර අංශයේ කටයුතු කලා කියන ලිපිකරු මහතෙක් විශ්‍රාම ගියාට පස්සෙ සෑම නොවැම්බර් මස 01 හෝ ඊළඟ වර්ෂයේ ආදායම් බලපත්‍ර නිකුත්කරන පළමු දවසේ කච්චේරියට ඇවිල්ලා එදා රාජකාරි කරන අයට උපදෙස් දෙනවා කියලා. ඒ කාලයේ දැන් වගේ වාහනයේ ලියාපදිංචි දිනයේදී බලපත්‍ර දෙන්නෙ නැහැ. නොවැම්බර් පළමු වැනිදා තමයි නිකුත්කිරීම ආරම්භ වෙන්නෙ. විශ්‍රාම ගිහිල්ලා හිටියා වුනත් ඔහු මියයන තුරුම එහෙම ඇවිල්ලා කටයුතු කලා කියලා අහල තියෙනවා. මෙතුමා වුනත් එහෙම කෙනෙක් කියලා හිතෙනවා .පසුගිය කාලයේ විවිධ අවස්ථාවල මැතිවරණ කොමිසමේ කෙනෙක් වගේ කටයුතු කරන ආකාරය පුවත්පත් මගින් දැක්කා අපි ඔහුගැන අනුකම්පා කරමු
මෙයාට දිමෙන්ශියා .මානසික ප්‍රතිකාරවලට යොමු කරන්න
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රථිපල කෙරෙහි බොහෝ දුරට බලපාන සාධයක් තමයි මේ " තීරණය නොකළ" චන්ද . එම චන්ද ප්‍රමාණය මේ වෙනකොට 30% -40% ප්‍රමාණයක වෙනවා. එයින් කොටසක් ප්‍රකාශ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. 2019 ජනාධිපතිවරණයේ දී ප්‍රකාශ නොවූ චන්ද ප්‍රතිශතය 12.7 % වගේ. ඒ නිසා මෙවරත් අවසාන මොහොතේ හෝ ඉහත අයගෙන් කොටසක් අනිවාර්යෙන් ම චන්දය ප්‍රකාශ කරනවා. ජනතා මත විමසුම් සහ විවිධ පුද්ගලයින් විසින් සිදුකල අපක්ෂපාති සමීක්ෂණ වල ප්‍රතිපලත්, පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපලත් එකතුව කරන ලද විශ්ලේෂණය අනුව අනුර කුමාර දිසානායකට වැඩි වාසියක් පෙන්නුම් කරනවා. 17140354 වූ ලියාපදිංචි චන්ද අතුරෙන් 87.3 % චන්දය ප්‍රකාශ කලොත් , ඒ අතුරින් වලංගු චන්ද වලින් 53.0 - 46.0 % චන්ක්ද ප්‍රතිශතයක් ලබාගැනිම සඳහා 90% වැඩි සම්භාවිතාවක් අනුර කුමාර දිසානායක ට තියනවා. ඉතින් මේ පරාසය තුල හරියට ම කොතනද ස්ථාන ගත වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඉහත කියපු මේ වෙනතෙක් තීරණය නොකළ චන්ද සහ අවසාන මොහොතේ තම මතය වෙනස් වූ චන්ද මත. බොහෝ දුරට එකම මට්ටමින් ජයග්‍රහණය අභියසටම පැමිණෙන දෙදෙනෙක් මෙම ජනපති සටනේ දැකීමට හැකිවීම පෙර මැතිවරණ වලට වඩා විශේෂත්වයක
දිසානායකලාගේ දන්කුඩ දේවකන්ද ගිහිල්ලා
ගෝටා නොමිනේෂන් භාරෙදෙන්න ආපු වෙලාවෙ මෙයා ද්විත්ව පුරවැසිභාවය ගැන අහන්නෙ නැතුව මෙයා නොමිනේෂන් බාර ගත්ත එක ගැන රටේ ජනතාව ලොකු කතා බහක් ඇති වුනා.මෙයා නියම හොරෙක් කියල රටේ ජනතාව එදා දැන ගත්තා
පවතින ක්‍රමයට සහ සියලු අපේක්ෂකයින්ට විරුද්ධ බව ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් හදන්න. එවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වැඩිවේවි...!