
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සහ සමගි ජන බල වේගයේ සම්බන්ධීකරණ ලේකම් නිමල් ආර්.පීරිස් මහතා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින තලංගම පොලිසියේ පෙනී සිටින ලෙස වැඩිදුරටත් නියෝග කළේය.
රුපියල් 113,000 වටිනා නිදහස් තැපැල් මුද්දර වංචාවක් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් එළියට එනවිට ජයවේවා කියන මිනිස්සු ඉන්නවා..