IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපතින්ගේ නිවාස ඉවත් කිරීමේ පනත මේ මස අග මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

පාර්ලිමේන්තුවේ කටයුතු අනුව ඒ සඳහා කාලය වෙන්කර ගතයුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත ජනතාවගේ ජන වරම ඉටුකිරීමකැයි පැවසූ අමාත්‍යවරයා මෙවැනි අනවශ්‍ය වරප්‍රසාද කපන තවත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා කප්පාදු කෙරෙන පනත් කෙටුම්පතට  අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ.

ජනපතිවරුන්ගේ වැටුප හෝ විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති හෙයින් නව පනත් කෙටුම්පතෙන්  එම වරප්‍රසාදයට කිසිදු  බලපෑමක් ඇති නොවනු ඇත.



අදහස් (7)

හිටපු ජනපතින්ගේ නිවාස ඉවත් කිරීමේ පනත මේ මස අග මැතිසබයට

ටිල්වින් සීයා Saturday, 02 August 2025 02:24 PM

ලාල් ඩඩ්ලිගේ හෝටලය කඩන්න ගිහිල්ලා වැටවත් ගලවාගන්න බැරි වුණා වගේ මේකෙනුත් අපිව පීචං වෙලා යයිද අනුරයෝ...?

:       0       0

ගුණරත්න Saturday, 02 August 2025 02:58 PM

බුහාහා, මේ මොනවා කළත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එතැනින් යවාගන්න මොවුන්ට බැහැ...

:       17       16

රියන්සිSaturday, 02 August 2025 08:45 PM

කව්ද මේ ගුණරත්න කියන්නේ?

:       2       5

Jagath Leanage Saturday, 02 August 2025 04:52 PM

යන්නෙම නෑ කියපු අයත් ලෑස්ති වෙන්න. බඩු හෙමින් සැරේ පැක්කර ගෙන ලොරියකට කතාකරලා තියා ගන්න...

:       0       0

විපරමා Saturday, 02 August 2025 05:14 PM

ජනතාවට ටොම්පච ගහලා රවට්ටලා බලයට ආපු, හිටපු ජනාධිපතිවරු ඉන්නකම් සියලු වරප්‍රසාද, වරදාන භුක්ති වින්දගෙන සුවසේ, සැපසේ ජීවත් වෙච්චි අය. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු දූෂිත දේසපාලුවන්ට තවත් මොන වරප්‍රසාදද? මොන ආරක්ෂකයෝද?

:       0       0

fairoos Saturday, 02 August 2025 07:15 PM

ඉතාම හොඳයි. අවුරුදු 2ක් රට බංකොළොත් කරපු ගෝඨාභයව ඉස්සෙල්ලාම පන්නන්න ඕනෑ.

:       11       10

Lalla Sunday, 03 August 2025 12:37 PM

මාලිගාවක් නොවන ගෙයක් හිටපු ජනපතිලාට දුන්නාට වරදක් නෑ නේද? කාමර තුනක හතරක පමණ සාමාන්‍ය නිවසක්. ඒකත් මුලු නිල කාලයක් තනතුරේ හිටිය අයට පමණක්....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site